(ඉන්දිකා රාමනායක)
තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ නාවික හමුදාව විසින් අද (16) සිදු කළ මෙහෙයුමකදී රුපියල් කෝටි 1 1 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් ඇත.
උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී වෙරළේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර කිලෝග්‍රෑම් 105 ක් මෙලෙස සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දීමට නියමිතය.

COMMENTS
අයිස් මෙච්චර වටිනා බව දැනගත්තේ අදනේ බොලේ... මාළු නරක් නොවී තබාගන්න ධීවර සංස්ථාව සතුකර ගන්නයි තියෙන්නේ.
තලෙයි මන්නාරම අයිතිවෙන්නේ ශුෂ්ක ප්‍රදේශවලට.. කොයි ආකාරයෙන් අයිස් තියාගත්තද මන්දා? තෑගි දෙන්න වටිනවා..
බුද්ධිමත්ව හිතන්න.. මේවායින් විනාශ වෙන්නේ අපේ අහිංසක සිංහල කොල්ලෝ... මේවට දැඩිතීරණ ගන්න ඕනෑ..