පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මියගිය අය අතර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකයාගේ සහෝදරයෙකු ද සිටින බව වාර්තා වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තලේබාන් නායක හයබතුල්ලා අක්හුන්සාදාගේ සොහොයුරා වන හෆීස් අහමදුල්ලා වන අතර තලේබාන් නායකයාගේ පුත්‍රයා ද ප්‍රහාරයෙන් තුවාල ලබා ඇතැයි සඳහන් වේ.
බෝම්බ ප්‍රහාරයෙන් හතරදෙනකු පමණ මියගොස් ඇති අතර 20 දෙනකු පමණ තුවාල ලබා ඇත.
පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.
කටා නගරයෙන් කිලෝමීටර් 25ක් නිරිත දිගින් පිහිටි දේවස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය අය අතර දේවස්ථානය භාර පූජකවරයා ද සිටින බව පැවසේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
අල්ලා දෙවියන් වෙනුවෙන් ජීවිතය පූජා කරන්නන් ස්වර්ගයට යන්නේ...
සහරාන්ටත් ස්වර්ගය ඔළුවට ගහපු නිසා තමයි. අද අහිංසක මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාව තුළ කොතරම් පිඩා විඳිනවද? මිනීමරා ස්වර්ගයට යා හැකිනම් එය ස්වර්ගයක් හැටියට මා දකින්නේ නැත.
තලේබාන් නායකයාගේ සහෝදරයා හා පුත්‍රයා මෙම බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් නම් මෙය මුසල්මානුවන් කල ප්‍රහාරයක් විය නොහැකිය.
මිය ගිය ය අය සහ බෝම්බකරු ..... දෙගොල්ලොම ස්වර්ගයට යනවාද ? එසේ නම් මෙවැනි අපරාධ වලින් ලබන වාසිය කුමක්ද ? දේශපාලන ගැටුම් වලට දෙවියන් මැදිහත් කරගෙන ආගමක් හෑල්ලුවට ලක් කරන ආකාරයක් පමණක් පෙනෙයි ...