(පාලිත ආරියවංශ)
බදුල්ල, තල්දෙන 9 කණුව ප්‍රදේශයේදී බවුසරයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 19දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි බදුල්ල පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ, බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් බව පොලිසිය සඳහන් කරයි. තුවාල ලැබූ පිරිස අතර පුරුෂයන් 4දෙනෙක්, කාන්තාවන් 14දෙනෙක් සහ කුඩා දරුවෙක්ද වෙති.
මාර්ගයේ නවතා තිබූ බවුසරයේ බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
බස් රථයේ සිර වී සිටින පුද්ගලයකු බේරාගැනීම සඳහා ප්‍රදේශවාසීහු මේ වනවිට උත්සාහ කරමින් සිටිති.
අනතුරින් තුවාල ලැබූ සෙසු පිරිසද කඩිනමින් රෝහල වෙත ගෙනයමින් පවතින බව පොලිසිය පවසයි.




(ඡායාරූප - නිශාන්ත කුමාර)


(ඡායාරූප - පාලිත ආරියවංශ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් හා වෑන් රියදුරන් දැඩි පරීක්ෂාවකට ලක්කළ යුතුයි.