(අජන්ත කුමාර අගලකඩ)
බුර්කාව තහනම් කිරිමේ පනත් කෙටුම්පතක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා අද (30) ඉදිරිපත් කරනු ලැබීය.
බුර්කාව හදිසි නීති රෙගුලාසි යටතේ දැනට තහනම් කර ඇති අතර එය පාර්ලිමේන්තු පනතක් මගින් තහනම් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත අධ්‍යයනය කිරිම සඳහා කල් ලබාදෙන ලෙස රාවුෆ් හකීම් ඇමැතිවරයා විසින් කරන ලද ඉල්ලීම අනුව එය අනුමත කිරීම සතියකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බුර්කාව විතරක් තහනම් කරන්නේ.. මුස්ලිම් විවාහ නීතියට අනුව 4 ක් කසාද බඳින එක මේ රටේ තහනම් කරන්නේ නැත්තේ මොකද ?
ඇල්සේෂන්, බුල් ඩෝග් කියලා නැහැ කවුරුත් වලිගය විසින් තමයි නැටවෙන්නේ. අනේ එහෙම නෑ කියලා පෙන්වන්න ඕනෑ වුණාම ඒ වලිගයෙන් නැටවෙන කට්ටිය මෙන්න මේ වගේ වැඩ කරනවා.
තව තියෙනවා. අනෙක් ආගමිකයන් මරණ එකත් නවත්වන්න නීති ගෙනෙන්න...
ඉතා ඉක්මණින් කළයුතු දෙයකි. බේදයකින් තොරව අඳුනා ගැනීමට නොහැකි කිසිවෙකුට පොදු ස්ථානවල හැසිරීමට ඉඩ නොදිය යුතුයි. එය එදිනෙදා ජන ජීවිතයට ඉතාමත්ම හානිදායකයි.
රටේ ආරක්ෂාව මූලික බැවින් මොන එළුවා විරුද්ධ වුවත් ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු තීරණ නිවට පක්ෂ, පාටවලින් තොරව ඉක්මණින් ගත යුතුයි. පමාවී පසුතැවිලි වෙනවාද, හිවලුන්ගේ ඡන්ද ගොඩ බලාගෙන තමන් උපන් තම මාතෘභූමිය පාවදෙනවාද යන්න දියවන්නා ඔයේ ඉන්න" හැලි වඳුරන් 225ම" සියදහස් වාරයක් හිතාතීරණය ගත යුතුයි. එක් අයෙකු හෝ රටේ ආරක්ෂාවට ගන්නා තීරණවලට විරුද්ධ වන්නේ නම් කාට හෝ වුවත් දඬුවම් දිය යුතුය. පළමුව, දෙවනුව, තුන්වනුව, සිව්වනුව... රටේ ආරක්ෂාව විය යුතුමයි.
බුර්කාව තහනම් කරන්න මේක තමයි හොඳම අවස්ථාව... මේක කළයුතු දෙයක්...
මුස්ලිම්, උඩරට කතෝලික ආදී සියලුම විශේෂ විවාහ නීති, දේපලවලට අදාල අණපනත් තහනම් කර එක නීතියක් හෙවත් දැනට ක්‍රියාත්මක පොදු නීති පද්ධතිය බලාත්මක කරන්න. උප්පැන්න, මරණ, විවාහ එක නීතියක් යටට හෙවත් සාමාන්‍ය ලේකම්වරු මගින් බලාත්මක කරන්න. මේ එකඑක විකාර නැවතී නීතිය හා සාමය රකින අයවලුන්ටත්, උසාවිවලටත් පොදු මහජනයාටත් පහසුවක් වෙනවා. මේ රට ශ්‍රී ලංකාව මිසක් මලයනාඩුව, අරාබිය, රෝමය හෝ ඉන්දියාවත් එක එක ආගමකට යටත් දේශයක් නොවේ...
කහපාට අන්දලා ඉන්න අයත් කලහකාරී ලෙස හැසිරෙනවා හිස බූගනවා... එයත් තහනම් කරනවද? ඔය හදන්නේ ගිලිහුණු සිංහල ඡන්ද ටික රැකගන්න..
ලංකාවේ හැම ප්‍රශ්නයට මුල ලිංගික අසහනය...
එක නීතියක් සැමටම..
මොන මගුලකටද හකීම්ට කල්දෙන්නේ? මිනිහද දැන් නීති අනුමත කරන්නේ?
මේ රටේ මිනිස්සු මහා පුදුම ජාතියක්..., බුර්කාව තහනම් කළාම අහනවා මොකද ඒක විතරක්... විවාහ නීතිය වෙනස් කරන්නේ නැද්ද කියලා?
දැන් ඉතින් ලංකාව හරිම ආරක්‍ෂිත රටක්වෙයි එහෙනම්. නීතිය විරෝධී ක්‍රියාව කරන පුද්ගලයා තහනම් තිබ්බත් නැතත් වහගෙන තමයි වැඩේ කොරන්නේ.
පාසලක නිල ඇඳුම වත් සියල්ලන්ට සමාන කරගත නොහැකි උන් කොහොමද එක නීතියක් රටකට වලංගු කරගන්නේ ?
බස් ගැමුණු කියන කෙනා ඉන්නකම් මේ රටේ මගී බස් ප්‍රවාහනය දියුණු වෙන්නේ නැහැ. එයාට ඕන තඩි ලදරන් බස් දාගෙන පෞද්ගලික බස් හිමියා පෝසත් කර ගැනීම පමණයි. බස් නැතුව මගීන් හුල්ලනවා. සැමන් වගේ පැක් කල බස් එක යන්නෙත් මග දිගට කොට කොට. කිලෝමීටර 3ක් යන්න පැයක් ගන්නවා.ඊටම හරියන ඇමතිකෙනෙක් පත් කරලා, මිනිහා සහ සහෝදරයා පාගා කැප්ටන්. ඔය රන්ජන් රාමනායක මහත්තයාට මගී ප්‍රවාහනේ බාර දෙන්නකෝ.
සිංහල ගැහැණුන්ට කලිසම් තහනම් කරානම් හරි.. ඔසරිය විතරයි.. අපිට අමුඩේ.. මේකත් වහබ් වාදයේ කොටසක්..
ඔය කට්ටිය ගිය ඕනම රටක් ඒ අයට ඕනෑ නීති ගේන්නේ නැතිනම් මරාගෙන මැරෙනවා.
අනුන්ට අන්ඳන්න ඉස්සෙල්ලා අපි හරියට ඇඳුම් අඳිමු.
හොඳ වැඩක්...
සහතික ඇත්ත.. ජාතික පාසල්වල ජාති භේදයකින් තොරව ළමයින් ඇතුල් කරගන්න ඕනේ.. ඇඟ වැසෙන සේ හැම ළමයෙකුටම ලස්සන නිල ඇඳුමක් හඳුන්වා දිය යුතුයි. ළමුන්ගේ ආරක්ෂාව අපේ ආරක්ෂාව සේ සිතිය යුතුයි...
මෙතන සිංහල නම්වලින් එකඑක උන්ට වාසිවෙන විදිහට ලයික් දාගෙන කමෙන්ට් දාලා තියෙන්නේ සිංහල මිනිස්සු නෙවේ... පරිස්සමෙන් දැන් සිංහල නම්වලින් පෙනී ඉඳලා ඔවුන්ට ඕනෑ ඒවා ලියා ගන්න කට්ටිය දාලා තියෙන්නේ...
බුරුකාවක් අැඳගෙන අාපු කාන්තාවකට තම විරෝධය පෑ සිංහල වෙළඳ සේවකයා එම මොහොතේම සේවයෙන් පහ කිරීමක් මුස්ලිම් ජාතික අායතනයක් සිදුකර තිබෙනවා. රටේ නීතිය කුමක්ද?
ඇතැම් කඩසාප්පුවලත් මේවා තිබ්බා. මගේ වැඩත් තහනම් කළා. කෝල් එකක් දෙන්නම් කිව්වා.. ඒත් තාම නැහැ.