(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විවේකාගාරයේ පෞද්ගලික බඩු බාහිර ආදිය තැනැපත් කරන ලාච්චුවක (ලෝකරයක) තිබී ටී 56 උණ්ඩ 26 ක් සිය බාරයට ගත් බව තලංගම පොලීසිය කියයි.
මෙම ජීව උණ්ඩ තිබූ කුඩා පෙට්ටියේ හිමිකරු බව කියන රියදුරුවරයා සේවය නිමාවීමෙන අනතුරුව නිවසට ගොස් ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.
අද උදෑසන සේවයට ආ රියදුරු මහතෙකු සේවක විවේකාගාරයට පැමිණි අවස්ථාවේ ජීව උන්ඩ දෙකක් කුඩා පෙට්ටිය අසල බිම වැටී තිබෙනු දැක ඒ බව ඩිපෝවේ ඩිපෝ අධිකාරීවරයාට දැනුවත් කිරීමෙන් පසු තලංගම පොලිස් ස්ථානය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින් පැමිණ සිදුකළ පරීක්ෂාවේදී ඉටි උරයක අසුරා තිබූ මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සැකකාර රියදුරුවරයා වයස අවුරුදු 40 හැවිරිදි වියේ පසුවන වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උණ්ඩ දාන ආයුධයත් හොයා ගන්න වේවි. මනුස්සයා රියදුරු වැඩේට අමතරව තව වැඩක් කරගෙන ගිහින් වගේ