IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන කථානායකවරයාටත් ජනාධිපතිවරයාටත් දන්වනවා

(තිළිණි ද සිල්වා)
 
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල ද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට දන්වා යවන බව  ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප‍්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ’ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් විභාගය අද (23) අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දන්වන ලදී.


මෙම පෙත්සම් සිසිර ද ආබෘ , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබිණි.


එසේම එම පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශනද හෙට (25) පෙරවරු 10.00ට ගොනු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුවන්ට හා වගඋත්තරකාර නීතිපතිවරයාට දැනුම් දුන්නේය.


ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ , දුමින්ද නාගමුව , තරුණ නීතිඥවේදීන්ගේ සංගමය,එස්.ඩී.සී ඉලංගකෝන් , අබ්දුල් සෑරර් ,අස්ලම්  ඕතම් , කේ.එම්.ආර් ප‍්‍රනාන්දු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.


පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා , පුලස්ති හේවාමාන්න, නුවන් බෝපගේ , එම.හිජාස් , කනිෂ්ක විතාරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥවරුන් පිරිසක් පෙනී සිටියහ.
 
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (0)

ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන කථානායකවරයාටත් ජනාධිපතිවරයාටත් දන්වනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site