ත්‍රිරෝද රථයක් සොරාගත් බව කියන බාලවයස්කරුවකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුටව ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි

සැකකරුවන් අවුරුදු 14 - 38 අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. රුපියල් 4,20,000 පමණ වටිනා ත්‍රිරෝද රථයක් සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත කළ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සතුව තිබූ සොරාගත් බව කියන ත්‍රිරෝද රථ බැටරි, ඩීවීඩී කැසට් යන්ත්‍ර, ජංගම දුරකතනයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.