IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රිවිධ හමුදාවට - පොලිසියට ගෞරවය පුදකරනවා

(මනෝජ් හර්ෂික)
 
කෙටිකලක් තුළ ත්‍රස්තවාදී තර්ජන බිදහෙළිමට කැප වූ ත්‍රිවිධ හමුදාව හා පොලිස් සේවාවන්, බුද්ධි අංශ ඇතුළු සමස්ත නිලධාරීනට ගෞරව ප්‍රණාමය පුද කරන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි.
 
එමෙන්ම විපතට පත් වූවන් වෙනුවෙන් පූර්ණ ලෙස කැපවෙමින් අතිවිශිෂ්ඨ සේවාවක් ඉටුකළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයට ද සිය ස්තුතියි පුද කරන බව ද ජයසුරිය මහතා කියයි.
 
පාස්කු ඉරුදින ප්‍රහාරයේ කම්පනය පහව යමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් සුපුරුදු  මට්ටමට ලඟා වෙමින් පැවැතියත් අද (06) පාසල් ළමුන්ගේ පැමිණීමේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවත් එයට හේතුව බොහෝ දුරට ජනතාව තුළ ඇති අනියත බිය ජනක තත්ත්වය බවද ඒ මහතා සඳහන් කරයි.
 
මෙම තත්ත්වය යටතේ ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් එදිනෙදා කටයුතු යථාපරිදි ඉටු කිරීම රටේ ආර්ථිකයට, සුරක්ෂිතභාවයට මෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපනයටද, අතිශයින් වැදගත් බවත් ජයසුරිය මහතා පෙන්වා දෙයි.
 
සමාජය කළඹවන සුළු කටකතා සහ වෙනත් අසත්‍ය ප්‍රචාර යටපත්කොට සත්‍ය දැනගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් සෘජුවම වගකීම දරන තොරතුරු අනාවරණයක් නිතිපතාම සිදුකළ යුතු බවද ඒ මහතා කියයි.
 
ගෙවුණු සති දෙක තුළ සෑම ආගමකම පූජ්‍ය පක්ෂයකම ,අගරදගුරුතුමන් ප්‍රධාන කතෝලික ආගමික නායකයන් ආත්ම සංගමයෙන් හා වගකීමෙන් යුක්තව කටයුතු කළ ආකාරය ආදර්ශයට ගනිමින් පටු වාදභේද පසෙකලා මාතෘභූමිය වෙනුවෙන් පොදු ජාතික න්‍යායපත්‍රයක පිහිටා කටයුතු කරන ලෙස සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

ත්‍රිවිධ හමුදාවට - පොලිසියට ගෞරවය පුදකරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 427 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site