(නිශාන්ත කුමාර)
ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් ගැබිනි කාන්තාවක බරපතල තුවාල ලබා අද (22) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල පදිංචි 27 හැවිරිදි කාන්තාවකි.
ඇය මාතෘ සායනයකට සහභාගී වී ආපසු සිය නිවස බලා යමින් සිටි අවස්ථාවේ මාර්ගය අසළ වූ ගසක් හදිසියේ ත්‍රිරෝද රථය මතට කඩා වැටී අනතුර සිදුව ඇත.
අනතුරින් ත්‍රිරෝද රථයටද හානි සිදුව තිබේ.
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.