( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව සෙට්ටිකුලම් තුඩරික්කුලම් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී අද (01) උදෑසන ධාවනය වූ ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් අති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
තුඩරික්කුලම් දුම්රිය හරස් මාර්ගයේදී තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමි දුම්රියට මෙසේ ත්‍රී රෝද යක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
ත්‍රී රෝද රථයේ රියදුරු විසින් දුම්රිය පැමිණෙන අවස්ථාවේදී අපරික්ෂාකාරීව ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය අනාවරණය කොට ගෙන ඇත.
අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු වූ 56 හැවිරිදි සහීදු නැත්තෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර සෙට්ටිකුලම් පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.