(ඩයනා උදයංගනී)
ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි සියයේම අයිතිය මේ වන විටත් ඇත්තේ ඉන්දියාව සතුව බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
එම තෙල් ටැංකි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු විසින් 1987 සහ 2003 වසරවල අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් මගින් සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබාදී ඇති බව කී ඇමතිවරයා ඒවා යලි ලබාගැනීමට තමන් උත්සාහ කරමින් සිටින බව ද කීවේය.
එසේ තිබියදී තමන් ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හෙලිකොප්ටරයෙන් ත්‍රිකුණාමලයට ගොස් තෙල් ටැංකි ලබාදීමේ ගිවිසුමකට අත්සන් කළ බවට නැගෙන චෝදනා හාස්‍යජනක බව කී ඇමතිවරයා තමන් ඇමතිධූරයට පත්වූ පසු කිසිවකු සමඟ හෙලිකොප්ටර් සවාරිවල නිරතවී නැතැයි ද සඳහන් කළේය.
ඇමති ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි භාරදීමේ ගිවිසුමකට අත්සන් කිරීමට නම් ඒ අසලටම යා යුතු නැති බවත්, ලෝකයේ කොයි මුල්ලක සිට අත්සන් කළත් ගිවිසුම් වලංගු වන බවත් උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙම තෙල් ටැංකි 2023 වසරේ නැවත මෙරටට ලැබෙන බව ඇතැමුන් කීවත් ඉන්දු ලංකා ගිවිසුම්වල එවන් කිසිඳු වගන්තියක් නැතැයි ද ඇමතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යය බෙදා ගැනීම ගැන ස්තූතිය. අපි හිතුවේ තෙල් ටැංකි අපේ කියලා. හැකි නම් ආපසු යාමට උත්සාහ කරන්න
ගිවිසුමේ පිටපතක් එක්සත් ජාතික පක්ෂය නුදුරේදීම මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ඇත.
කොහොමද ඔය කතාව ඔහොම කිව්වේ?
ඕගොල්ලෝ ඔක්කොම උපන්ගෙයි බොරුකාරයෝ
තෙල් ටැංකි ඉන්දියාවට දීපු එක නෙවෙයි ප්‍රශ්නේ, ඔයා බලශක්ති ඇමති කියන එකයි ප්‍රශ්නේ
එතකොට තමුන්නැහැ පහුගිය දවස්වල තෙල් ටැංකි ටික ලැබුන කියල මහා පෙරලියක් කලේ? බොරුවටද?
ඇත්තටම දැනට මේ රටේ සම්පත් රැකිලා තියෙන්නේ ඔබ නිසා... වීරවංශ නිසයි...
මේවා දෙන්න වුවමනාවක් මිසක් ගන්න වුවමනාවක් නෑ. මේ කතාවලින් රටට දේශප්‍රේමී කතා විතරයි...
අත්සන් කරන සෑම ගිවිසුමක්ම උපරිම අවුරුදු 10ක් විය යුතුයි. ඊට වැඩි නම් ජනමත විචාරණයකින් අනුමත කරගත යුතුයි. එවැනි නීතියක් තිබෙනවා නම් දේශපාලුවන්ට අම්මා, අප්පගේ බූදලේ වගේ විකුණන අපේ රටේ සම්පත් මතු පරපුරට ඉතිරිවෙයි...
තමන්ගේ දරු පරපුර පිටරටක ජීවත් කර සියළුම සැප දෙන ගමන් අපේ පුංචි රට හුරා කනවා.
අර අය දීපුවා ආපහු ගන්නවා කිය කියනේ චන්දෙ ඉල්ලගෙන බලයට ආවේ
මේ ඔක්කොම ණය තියෙද්දිද මේ අය තීරු බදු නැතුව කෝටි ගණන් වටිනා වාහන ගෙන්න ගත්තේ?
විදේශිකයන්ට සම්පත් ටික දීලා රට විනාස කරලා
මේ සේරම විකුණා විකුණා මේ අය මැරෙනකල්ම ඉන්නද යන්නේ?
එජාප රජය තෙල් ටැංකි ටික ඉන්දියාවට පවරනකොට ඔය මහත්තය කොහෙද හිටියෙ…?
කතාව ඇත්තනම් මේක මහ සහගහන අපරාධයක්.
මේවා දෙවන යුද්ද කාලේ සුද්දෝ හදපුවා. ලංකාවේ කාටවත් අයිතියක් කියන්න බැහැ
ජනතාව නොමඟ යැවීම සඳහා කරන ලද පදනම් විරහිත චෝදනාවක්!
තෙල් ටැංකි ප්‍රයෝජනයට ගන්නවා නම් ඉන්දීය අනුමැතිය සහිතව කල යුතු බවක් ඉන්දු-ලංකා ගිවිසුමේ තිබෙනවා. මේවා රහස් නෙමේ. ඉන්දියාව හවුල් නැත්නම් මේ අනුමැතිය ලැබෙන්නෙ නෑ.
2019 චන්ද වෙලාවේ ඔහොම කිව්වේ නැහැනේ.
ගිවිසුමට අනුව ඉන්දියාවට දීලා තියෙන්නේ ටැංකි සුලු ප්‍රමාණයක්. ඉතිරි ඒවා ඔවුන් භූක්ති විඳින්නේ බලහත්කාරයෙන්. ඒක විසඳා ගන්න මේ ආණ්ඩුවට බෑ. බෑ නෙවෙයි ඉන්දියාව තරහා කර ගන්න කැමති නැති නිසා, ණය ආධාර අහිමි වෙන නිසා ඒ ගැන කතා කරන්න කැමති නෑ. ඒ ගැන කතා කරන්න ගිහින් තමයි මේ ඇමතිට ඇතුලෙන්ම කැපිලි ආවේ.
පව් නේද ඒයි ඉන්දියාව? උන් මෙච්චර කලක් දන්නෙ නැතුව ටැංකි දහයි පහලොවයිනෙ පාවිච්චි කරන්නෙ. අනේ මේ යනව ඕයි යන්න කෙබර ඇද නොබා... 1987 ඉන්දුලංකා ගිවිසුමෙන් තෙල්ටැංකි දුන්නනම් ඒ යක්කු 2002 වෙනකල් බකන්නිලන්ම ඉඳියි.