(අජන්ත කුමාර අගලකඩ)
ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති කාර්යාලයේ අද (14) පැවැති රැස්වීමේදී මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
ඒ අනුව එම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටද නියමිතය. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කර ගැනීම සඳහා තමා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඉකුත් දා මාතලේ අලු විහාරයේ පැවැති රාජ්‍ය උත්සවයකදී ජනාධිපතිවරයා විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.
මේ අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
එම සාකච්ඡාවට බෞද්ධ රටවල තනාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගි වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
631
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය
රාජුන් Tuesday, 15 January 2019 12:57 AM
මම මේ නිකමට අහන්නෙ. බයිබලය සහ කුරානය ලෝක උරුමයන්ද?
rocky Tuesday, 15 January 2019 02:10 AM
මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ. දැන් ඉතින් ඊට පස්සේ ත්‍රිපිටකයට මොකද සිද්ධ වෙන වෙනස ? අගය වැඩි වෙනවද? රටේ තත්වේ යහපත් වෙනවද?
ajith Tuesday, 15 January 2019 02:46 AM
ඉතා ප්‍රසංශනීයයි. ඒවගේම උතුරු නැගෙනහිර පළාත්වලට නව ආණ්ඩුකාරවරයා එම පළාත්වල බුද්ධාගම්කරණය කිරීම නවත්වන ලෙස කරන ලද ප්‍රකාශය ගැනත් සැලකිල්ලක් දක්වන්න.
janatha anura Tuesday, 15 January 2019 03:00 AM
ලෝක උරුම කරන්න ඉස්සර වෙලා රටේ අග නගරයේ බෞද්ධ අයිතීන් සුරකින ලෙස අපි බල කරන්නෙමු නගරයේ ප්‍රධාන කාර්යාල තුල බුදු පිළිම පවා අකැප වී ඇත