
පුෂ්පකුමාර මල්ලවආරච්චි
තරුණ අඹුසැමි යුවළකගේ මළසිරුරු ලින්දර නිවසක කාමරයේ එල්ලෙමින් තිබියදී අද පස්වරුවේ සොයා ගත් බව මිරිගම පොලිසිය කියයි.
මීරිගම ලින්දර 26 සැමියා සහ සහ 23 බිරියක මෙසේ මියගොස් ඇත.
කාන්තාවගේ දෑත් පිටුපසට කර බැඳ තිබූ අතර බාල්කයක එල්ලුණු ඇගේ සිරුර බිමට බර වී තිබු බව ද කියන පොලිසිය ඒ අසල ම තරුණ සැමියාගේ සිරුර එල්ලෙමින් තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
ඔවුන්ගේ සිරුරු එල්ලෙමින් තිබූ ස්ථානයේ තිබූ පුවත් පත් කෑල්ලක පොඩි එකා බලාගන්න මල්ලි මියගිය සැමියා විසින් ලියූ සටහනක් දක්නට ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
මරණ කරුවන් දෙදෙනා ඇඟලුම් ආයතනයක සේවය කර ඇතැයි ද ඔවුනට සිව් හැවිරිදි පුතකු සිටින බවද පොලිසිය කියයි.
මිය ගිය තරුණ කාන්තාවගේ සහෝදරයාගෙ මංගල උත්සවය නිමිත්තෙන් පවුලේ පිරිස නිවසෙන් පිටව ගොස් ඇතත් මියගිය කත පමණක් නිවසේ රැඳී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මංගල උත්සවයට ගිය සැමියා නිවසට පැමිණ ඇත්තේ ඔවුන්ගේ සිව් හැවිරිදි පුතා මංගල උත්සවය පැවති ස්ථානයේ නතර කර බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙම නිවසෙන් දහවල් දොළහට පමණ කිසිවකු කෙඳිරිගාන ශබ්දයක් ඇසුණු බවට අසල්වැසියකු ප්‍රකාශ කළ බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කණගාටුදායක ප්‍රවෘත්තියක්
හරිම දුක්බර සිදුවීමක්
සිදුවීම ගැන කණගාටු වන අතරම අනාගතයේ එල්ලෙන්න හදන කට්ටියට කියන්න තිබෙන්නෙ එල්ලෙන්න ඕනෑම නම් ගෙදර අයටයි පොලිසියටයි දැනගන්න ලියුමකුත් ලියල තමන්ගෙ නිවෙස් වලයි කුලියට ඉන්න නිවසුයි අතහැරල කෑලේකට ගිහිල්ල ඕන මරගාතයක් කරගන්න ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කරදර නොකර.
කවුරුහරි කෙනෙක් තව කෙනෙක්ව මරලා එල්ලලා වැඩක් නැහැනේ. දෙපාරක් මැරෙන්නේ නැහැනේ.?
ආගමක් දහමක් නැතිකමයි මේවට මුල