
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රුපියල් විස්සක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මුල් කරගෙන විසි නව හැවිරිදි තරුණයකු කපා කොටා ඝාතනය කර කාන්තාවක් ඇතුළු තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කල විත්තිකරුවන් තිදෙනෙකුට මරණ දඩුවම නියම කරමින් කොළඹ මහාධිකරණය ගත් දුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලදි.
මෙලෙස මරණ දඩුවම් තහවුරු කරනු ලැබුවේ ලක්මාල් ප්‍රදීප් ප්‍රේමචන්ද්‍ර, සුමිත් ශ්‍රී ලාල්, සුදත් කුමාර යන නැමැත්තන්ට එරෙහිවය.
තමාට මරණ දඩුවම් නියම කල මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් තිදෙනා ගොනු කල අභියාචන පෙත්සම් තුනක් ඉවත දමමින් අභියාචනාධිකරණය මෙම මරණ දඩුවම තහවුරු කෙරිණි.
තවද මහාධිකරණය විසින් විත්තිකරුවන්ට පනවා ඇති සෙසු දණ්ඩ නියෝගයන් ද අභියාචනාධිකරණය විසින් අනුමත කරන ලදි.
පන්නිපිටිය ප්‍රදේශයේ දී 1996 වසරේ නොවැම්බර් 02 වැනිදා ඇති වූ බහින් බස් වීමක් මුල් කරගෙන සුසන්ත පෙරේරා නමැත්තා කඩු කිනිසි වලින් කපා කොටා ඝාතනය කිරීම සහ මරණකරුගේ ඥාතින් තිදෙනෙක් ට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපති වරයා විසින් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එම නඩුව විභාග කල මහාධිකරණය එහි තීන්දුව 2018 වසරේ ජූලි 18 දින ප්‍රකාශ කරමින් ලක්මාල් ප්‍රදීප් ප්‍රේමචන්ද්‍ර, සුමිත් ශ්‍රී ලාල්, සුදත් කුමාර යන විත්තිකරුවන් වැරදි කරුවන් බවට තීරණය කර මරණ දඩුවම් නියම කල අතර සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළේය.
එම මහාධිකරණ තීන්දු ව බල රහිත කරන ලෙස ඉල්ලා මරණ දඩුවම් නියම වූ විත්තිකරුවන් තිදෙනා ගොනු කල අභියාචන පෙත්සම් නිශ්ශංක බන්දුල කරුණාරත්න, සහ රත්නප්‍රිය ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.
එහිදී මහාධිකරණය විසින් කරුණු තහවුරු කර ගැනීමකින් තොරව සිය සේවා දායකයින්ට මරණ දඩුවම් නියම කල බවට අභියාචක විත්තිකරුවන්ගේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු පිළිගැනීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන බව මෙම තීන්දුවෙහි දැක්වේ.
අභියාචක පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි, පාලිත ප්‍රනාන්දු සහ නීතීඥ ඉන්දිකා මල්ලවආරච්චි පෙනී සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
COMMENTS
සර්... සර්... මෙන්න වැඩක් තියෙනවා කරන්න.
වැරදිකරුවන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා දෙනු.
ඔබලා තුන්දෙනාම නිදහස් හා රාජ්‍ය ආයතනයක ඉහලම තනතුරක් ලැබීමට සුදුසුකම් සපුරා ඇත
රුපියල් 20ට මිනිමරාගෙන දැන් නඩුවට ලක්ෂ 20ක් විතර වියදම් කරලා එල්ල මරන්නත් නියම උනා.
ඉස්සරහට හිරගෙවල් පිරෙන්නෙ මරණ දඬුවම නියම වූ අයගෙන්. මේ අය එල්ලන්න. නැතිනම් මොවුන් රටට බරක්. මොවුන් වැන්නන් එල්ලන්න පටන් ගත්තම මෙවැනි අපරාධ කරන පිරිස අඩුවේවි