IMG-LOGO

තරුණයෙකුට පහරදුන්නැයි ලක්ෂ 10 ක් ගෙවන්න සැරයන්ට-කොස්තාපල්ට නියෝග

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2017 වසරේදී   පොලිස්   අත්අඩංගුවට ගත්  මිහින්තලය  ප්‍රදේශයේ තරුණයකු  තේක්ක ගසක එල්ලා  අමානුෂික අන්දමින් පහර දුන් බව කියන සිද්ධියෙන්  ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩී වී ඇති බවට  තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින්  වූ රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් පහර කෑමට ලක්වූ තරුණයාට සිය පෞද්ගලික මුදලින් ගෙවන්නැයි  පහර දීම සිදු කළ අනුරාධපුර සංචාරක අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස්  පොලිස් සැරයන්වරයෙකුට හා පොලිස් කොස්තාපල්වරයකුට නියෝග  කලේය.

මීට අමතරව රුපියල් විසි පන්දහස බැගින් වූ නඩු ගාස්තු අදාළ තරුණයාට ‌ගෙවන ලෙසද  එම නිලධාරීන් දෙදෙනාට නියෝග කෙරිණි.

පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන සහ පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන නැමැත්තන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.

එහිදී  පහර කෑමට ලක් වූ තරුණයා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දු ව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ මෙම නියෝගය කලේය.

විජිත් මළල්ගොඩ , මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේරාජා මහතා විසින් මෙම තීන්දුව  ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන , පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් හා ගෞරවයෙන් සැලකීමට පොලිස් නිලධාරීන් බැඳී සිටින බවත් ,
මහජනතාව සමඟ කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන් සෑම විටම පොදු ආචාරශීලී භාවය දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවද  ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුවෙහි සදහන් කර ඇත. 

නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම යන රාජකාරීන්හි නියුතු පොලිස් නිලධාරින්ට මෙම අයිතිවාසිකම්වලට ගරු කිරීම, ආරක්‍ෂා කිරීම හා ඉදිරියට ගෙන යාම සඳහා ඉහළම වගකීමක් පැවරී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  නැවත නැවතත් තහවුරු කරන බවද අදාළ තීන්දුවේ වැඩිදුරටත් සදහන්ය ඇත.

තීන්දුවේ මෙසේද සදහන් වේ.
'' පෙත්සම්කරු 2017 සැප්තැම්බර් 26 වැනි දින සිය නිවසේ නිදි ගෙන සිටියදී පිරිසක් පැමිණි බලහත්කාරයෙන් ඔහු අත්අඩංගුවට ගත්තේය.පසුව එම පිරිස අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් යැයි දැනගන්නට ලැබිණි.පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයකින් රැගෙන යන අතරතුරුද වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අනුකම් විරහිතව පෙත්සම්කරුට පහර දී ඇත.පසුව පෙත්සම්කරුගෙන් යතුරුපැදි සොරකමක් පිළිබදව ප්‍රශ්න කර ඇත.

මෙසේ පහර දීමෙන් අනතුරුව පෙත්සම්කරුගේ දෑත් පසුපසට කොට මාංචු දමන ලදී.ඉන්පසුව වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුව තිසා වැව අසලට රැගෙන ගොස් ඇත.එම ස්ථානයේ තිබූ තේක්ක ගසක එල්ලා පෙත්සම්කරුට අමානුෂිකව පහරදීම් සිදු කර තිබේ.

මෙම අමානුෂික පහර දීම් හේතුවෙන් පෙත්සම්කාර තරුණයා මානසිකව හා කායික වශයෙන් දැඩි පීඩාවට පත් වූයේය.පහරදීමෙන් පසුදින වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කරුව ඔහුගේ දෙමව්පියන්ට බාර දී තිබේ.

ඉන්පසුව පෙත්සම්කරු අනුරාධපුර රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාරද ලබා ගෙන ඇත්තේය.පෙත්සම්කරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කළේය.

මෙම පෙත්සමට උත්තර බදිමින්  පෙත්සම්කරු තම අත්අඩංගුවෙන් පැන යාම උත්සාහ ගැනීමේදී ඔහු  පාලනය කිරීම සදහා ඔහු දෑත් පසුපසට කර මාංචු දැමූ බවත් , පෙත්සම්කරු කේරළ ගංජා පානය ඇබ්බැහි වූවෙකි බව ද වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කියා ඇත.

කෙසේ නමුත් වගඋත්තරකරුවන් සිය උත්තර බැදීමේදී පෙත්සම්කරුගේ බෙල්ලට , අතට සහ ඉහළ බාහුවට තුවාල සිදු වූ ආකාරයට පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇත.කෙසේ නමුත් වෛද්‍ය වාර්තා අනුව පෙත්සම්කරුව දෙපා වලීන් සෑහෙන කාලයක් එල්ලා පහර දී ඇති බව ඔප්පු වේ.ඒ අනුව ඉහත තුවාල සිදු වි ඇති බව පැහැදිලිය.

එබැවින් පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන , පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන යන වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තියෙන් ප්‍රකාශීත පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවත් , ඔහුව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් හා රදවා තබා ගැනීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියද උල්ලංඝනය කර ඇති බව අධිකරණයේ මතය බව තීන්දුවෙහි සදහන් වේ.


 

 



අදහස් (4)

තරුණයෙකුට පහරදුන්නැයි ලක්ෂ 10 ක් ගෙවන්න සැරයන්ට-කොස්තාපල්ට නියෝග

kusumsiri Saturday, 23 October 2021 04:22 PM

මේ වගේ මිනිස්සුන්ව පොලීසියෙන්ද නෙරපා දැමිය යුතුයි. මූලික මිනිස් අයිතිවාසිකම් කඩකරනවා. රජයේ සේවයෙන් පහකිරීමට නීති සකස් කළ යුතුයි. එතකොට පොලිසිය සුද්ද වෙලා හොඳ මිනිසුන් පමණක් ඉතිරි වේවි...!!!

:       0       4

සුද්දා Saturday, 23 October 2021 06:39 PM

පුද්ගලික මුදලින් දඩයක් ගෙව්වාම වැරදිකරුවෙක් වෙලා ඉවරයි... සේවයෙන් පහකළ හැකියි..

:       0       1

ලලිත් - අම්බලන්ගොඩ Saturday, 23 October 2021 04:31 PM

බලය අනිසි ලෙස යොදවා ජනතාව පීඩාවට පත්කරන නිලධාරින්ට යස පාඩමක්....

:       0       7

Amarasingha Saturday, 23 October 2021 08:06 PM

කැත්තට පොල්ලෙන් නොහිටියොත් මේ රටේ පොලිස් චණ්ඩින්ගේන් බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 186 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 693 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1094 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site