(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ 7 , සී ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයත් රුපියල් කෝටි 50 කට අධික ඉඩමක් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර සහ ව්‍යාජ ඔප්පුවක් සකසා වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රය සහ ඔප්පුව සකස් කිරීම සම්බන්ධයෙන් මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඉඩම ව්‍යාජ ඔප්පු සකසා වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීම සහ එම ඉඩම මිලදී ගත් පුද්ගලන් දෙදෙනා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
කූට ලේඛන සැකසීම , එයට ආධාර අනුබලදීම , සහ නොතාරිස් ආඥා පනත අවභාවිතා කිරීම යන කරුණු අනුව මෙම නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ ගම් කබරයන් ලෙස විරුදාවලිය ලබා ඇත්තේ නිකමට නොවේය. ඕනෑම දහජරාවක් ප්‍රණීත ආහාර ලෙස කොටා බාන, ඇත්ත බොරුව ලෙසත් බොරුව ඇත්ත ලෙසත් මිනිසුන් ඉදිරියේ අතේ පැලෙන බේගල් කියමින් බොරුවෙන්ම ජීවත් වන කොටසකි. මෙවන් ගම් කබරයින් අතරේද කලාතුරකින් තමන් අදින් එම ඇඳුමේ ගරුත්වය රකිමින් අවංක වැදගත් ලෙස සේවය කරන වෘත්තිකයින්ද සිටිනා බවත් කිව යුතුයි. වැඩිපුරම සිටින්නේ ඕනෑම දෙයක් මුදල් වෙනුවෙන්ම ගිලින කබරයින්මය...
ගම්මන්පිලගේ නීතිඥයත් මොහු වෙන්න පුළුවන්...!!!
වැටත්, නියරත් ගොයම් කා නම්..!! කාට පවසන් ඒ අමාරුව..
මේ පෙරකදෝරුවා පමණක් නොවේ. හොර ඔප්පු ලියන පෙරකදෝරුවන් රටේ තව විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රශ්නය විසඳන්න නම් ඔක්කොම අල්ලන්න ඕනෑ.
තායිලන්තයෙන් ණයක් ගන්න හිටියා මදැයි..
මේ වගේ හොර ඔප්පු හදලා ඉඩම් ගන්න ඒවා ගොඩක් තියෙනවා. පොලීසිය අත ගහන්නේ ලොකු ඩයල් එකකගේ ඉඩමකට හොර ඔප්පුවක් හැදුවොත් විතරයි. නැතිනම් කියාවි ඒයාට නීත්‍යානුකුලව පවරලා තියෙන්නේ කියලා. සිංහරාජේත් ඔයවගෙ වෙන්න ඇති. ගමේ මිනිස්සුන්ට සින්නක්කර ඔප්පු නැතිව කොළඹ කෙනෙක්ට සිංහරාජ මායිමේ ඉඩමක් ලැබුනු එක ගැන නම් මට ලොකු සැකයක් තියෙන්නේ
ඇයි නම් දාන්නේ නැත්තේ..?