( කවිතා සුබසිංහ )
කඩවත මංකඩ පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කඩවත පොලිසිය පවසයි.
මංකඩපාර වෙල්යාය අසළ දී ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් මෙම මරණය සිදු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
පහර කෑමෙන් තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය කීය.
ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි ද පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කඩවත පොලිසිය විසින් සිදු කරනු ලබයි.
COMMENTS