(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට මුස්ලිම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි ද සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
තඹ කම්හලේ හිමිකරු වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා ඉකුත් 21 වැනි දින සිදු වූ පිපිරවීමේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස ක්‍රියා කළ තැනැත්තාය.
එම සිදුවීමට පසු දින එම සේවකයන් නව දෙනා අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බව පොලිසිය කියයි.
මෙම නඩුව එදිනම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කෙරෙණි.
මෙම සැකකරුවන් පිරිසට ඇප ලබා ගත හැකිවන පරිදි එම වාර්තා සැකසීමට පෙර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථානාධිපතිවරයා යම් විමසීමක් හෝ බලපෑමක් සිදු කළේ ද යන්න සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
වැල්ලම්පිටිය ස්ථානාධිපතිවරයාගේ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශ්ලේෂන වාර්තාවක් ලබා ගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.
සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තඹ කම්හලේ සේවකයින්ගෙන් ලබාගත් ප්‍රකාශ ද ඉතාමත් දුර්වල තත්ත්වයක තිබෙන බවට එම ප්‍රකාශ සටහන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන බවද එම නිලධාරියා කීය.
COMMENTS
කළ යුතු දේ හරියට නොකර අල්ලසට ජරාවට හා විශේෂයෙන් මැති අැමැතිලාට බලපෑමට යටවෙලා මේ වගේ ත්‍රස්තවාදීන්ට උදව් කරනවා නම් උඹලා සතර මහා අපායටම යන්න ඕනෑ. මිනිස්සු අැවිස්සෙන එක අසාධාරණයිද...?
වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම්ද මේ අමාරුව... දැන් මේවා අහලා එපාවෙලා ඉන්නේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. බුදු හාමුදුරුවනේ.
ඒ ගැන සොයා ඵලක් නැත. ඔවුන් නැවත අැරෙස්ට් කරන ක්‍රමය පළමුව බලන්න... නැත්නම් අනතුර තවත් වැඩියි.
නීතිය මෙවැනි බරපතල ක්‍රියාවන්ට තදින් ක්‍රියාත්මක නොවුණාට, ඉතාමත්ම සුළු ක්‍රියාවන් ඉදිරියේ ඉතා ගාම්භීරව වැඩ සිටීම නිවට ක්‍රියාවකි...
ත්‍රස්තවාදීන් ටික එළියට දාන්න කලින් විනිසුරු වරුත් පුලුල්ව හිතන්න තිබ්බා. දැන් ඉතින් රටේ නැති පිස්සු කරනවා. ඒ මිනිස්සු බෝම්බ හදනවද දන්නෙ නෑ.
අත්අඩංගුවට ගත් මහන්සිය තේරුමක් නැතිව ගියා නේද? මොවුන් නැවතත් ත්‍රස්තවාදී වැඩවලට යොමුවන්න පුළුවන්. ඒකෙන් තව කීදෙනෙක් මරයිද? මේවත් හිතන්න තිබුණා...
ඔක්කෝටම මුල දේශපාලන... බොහෝ පත්වීම් දෙන්නේ දේශපාලන මුල් කරගෙනයි. එ් නිසා නිලධාරීන් දේශපාලන අතකොළුවන් වෙලා...