(කුෂාන් ජයවර්ධන) 
කොවිඩ් ආසාදිත සිසුවකු හේතුවෙන් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාවේ පිහිටි ප්‍රාථමික විද්‍යාලයේ 02 වැනි වසර අද(01) සම්පූර්ණයෙන් වසා දමා තිබේ.
එම පාසැලේ 2වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ආසාදිතයකු බව ඊයේ දිනයේ හදුනාගැනීමත් සමග මෙම පියවර ගෙන තිබේ. වසා දමා ඇති එම පංතියේ සිසුසිසුවියෝ 32ක් අධ්‍යාපනය ලබති.
මේ හේතුවෙන් සමස්තයක් ලෙස අද දිනයේ එම විද්‍යාලයේ සිසුන්ගේ පැමිණීමේ අඩුවක් ද පවතී. සිසුන් 160කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන එම ප්‍රාථමික පාසැලේ අද (01) පැමිණ ඇත්තේ සිසුන් 16ක් පමණක් බව පාසැල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
දෙවැනි වසරේ ඉගෙනුම ලබන සෙසු සිසුසිසුවියන්ගේ හා එම පංතිභාර ගුරුවරිය හා තවත් ගුරුවරියක ඇතුලු 35ක පමණ පිරිසකගේ පීසීආර් පරීක්ෂණ හෙට 02 දිනයේ සිදුකිරීමට නියමිත බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසති.
ආසාදිත සිසුවාගේ මව, පියා සහ සහෝදරිය ඇතුලු පවුලේ සෙසු පිරිසද කොවිඩ්-19 ආසාදිත බවට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තඹුත්තේගම පාසලක ශ්‍රේණියක් වසාදමයි