
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)
තබ්බෝව අභය භුමියට අයත් 12 කනුව ප්‍රදේශයේ ඇල මාර්ගයකින් ස්භාවික ශාඛ නීති විරෝධි අයුරුන් ගලවමින් සිටි සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව 12 කනුව හා ඒ අවට පදිංචිකරුවන් පිරිසක් බව වනජීවි නිළධාරින් කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තබ්බෝව අභය භුමියේ ඇළ මාර්ගයක තිබු කුඹුක්, බුළු,කරද, මී,වෙලන්,ඇතුළු ශාඛ මෙසේ නීති විරෝධි අයුරින් ගලවමින් සිටියදි වනජීවි නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත.
රුපියල් මිලියන 3500 මුදලක් වැය කරමින් කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ වැඩසටහනක් බව පැවසෙන නාගරික තුරු ගොමු ස්ථාපනය,මාර්ග දෙපස රුක් රෝපනය,හා ඇවිදින මංතිරු අවට සිටුවිමට මෙම ශාඛ ගලවා ඇති බව වනජීවි නිළධාරින් සිදුකල පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ .



COMMENTS
මෙම කාලකන්නින් කිනම් හෝ "බූරු දේශපාලුවෙකුගේ" හෙංචයියන් විය හැකිය. උපරිම දඬුවම් ලැබේවා....!!!
නඩුත් බඩුත් දෙකම එකම හාමදුරැවන්ගේ. රජය ගෙනයන ක්‍රමවේදයන්ගේ දුර්වල බව පෙන්වන කදිම නිදසුනක් මේක. ව්‍යාපෘති යෝජනා කලාට කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර නෑ. කාබනික පොහොර භාවිතය මේ සමාන යෝජනාවලියක්. ස ගේ වැඩ ෆේල් වෙන්නේ මෝඩ යස් සර් නිලධාරීන් නිසා. ඒ වගේම ස ට බය නිසා.
දෙවරක් හිතන්න දෙයක් නෑ.. කියන්න පුලුවන් මේකුන් "දේශපාලුවෙකුගේ" හෙංචයියන් බව..
උපරිම දඬුවම: නිදොස් කොට නිදහස්...
ඈත අතීතයේත් හිටියා ඔය විදිහට කරන අය...
ඒක විනාශ කරපු පාලකයාට මිලියන එකක දඩයක් ගහනවානම් ඔය ලෙඩේ හරි ඉක්මනින් හොඳ වෙයි.
මොනවා කළත් වැරැදියි...