IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


තබ්බෝවේ දේව ප්‍රතිමාවක රන් මාලයක් සොරා ගනියි

(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තබ්බෝව ජලාශයට ආසන්නයේ පිහිටි ‍පැරණි අයියනායක දේවාලයේ ඇති  අයියනායක දේව ප්‍රතිමාවට පළඳා තිබූ රන් මාලය අද (21) කිසිවකු විසින් සොරා ගෙන ගොස් ඇති බව ජනතාව පවසයි.

තබ්බෝව ජලාශය ආසන්නයේ පිහිටි මෙම අයියනායක දේවාලය තුළ වසර 10 කට ප්‍රථම අයියනායක ගම්බාර දෙවියන්ගේ දේව ප්‍රථිමාවක් ඉදි කර එහි ආරක්ෂාවට වීදුරු කුටියක්ද සකසා තිබූ බව කියයි.

කෙසේ නමුත් ජනතාව පවසන්නේ අද (21) අලුයම් කාලයේ කිසිවකු විසින් මෙම දේව ප්‍රථිමාවේ වීදුරු කුඩුකර ඉන් පසුව එයට ඇතුල් වී මෙම රන් මාලය සොරා ගෙන ගොස් ඇති බවයි.

 ජනතාව පවසන්නේ මෙම රන් මාලය පවුම් දෙකකට ආසන්න බරකින් යුක්ක වූවක් බවත් දේවාලයට භාරයක් ඔප්පු කිරීමට තබ්බෝව ප්‍රදේශයේම පදිංචි අයකු පූජා කර තිබූ බවත්ය.

කෙසේනමුත් මේ පිළිබඳව කිසිවකුත් අද (21) දහවල් වනතුරුත් කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර නැති බව පොලිසියෙන් කළ  විමසීමේදී පැවසීය.



අදහස් (14)

තබ්බෝවේ දේව ප්‍රතිමාවක රන් මාලයක් සොරා ගනියි

RanjithT Saturday, 21 December 2019 11:17 AM

තමන්ගේ මාලය බේරගන්න බැරි නම් පුළුවන්ද අනිත් අයට පිහිට වෙන්න...

:       15       142

MaheeSaturday, 21 December 2019 03:23 PM

Ranjith, සිත පිළිබඳව සහ විශ්ව ශක්තිය පිළිබඳව බෙහෙවින් කතාකරන මේ යුගයේ හැම දෙයක්ම භෞතිකවාදී දෘෂ්ටියෙන් බැලීම වැරදි බව මධ්‍යස්ත අදහස් දරන්නෙකුට නම් වැටහෙනු ඇති.

:       348       64

samarapalage Saturday, 21 December 2019 11:32 AM

ප්‍රශ්නයක් නැහැ හොරා තව දවස් 7ක් තුළ මියයනවා...!!!

:       38       38

mahinda Saturday, 21 December 2019 11:49 AM

නිසැකවම ඕක කරන්න ඇත්තේ අර කැලණි ගඟෙන් ආපු නාගයා වෙන්නැති..

:       0       66

Nihal Saturday, 21 December 2019 12:46 PM

දෙවියන්ට රත්තරන් වලින් ප්‍රයෝජනයක් නැහැනේ. වුවමනාවක් තියෙනවා නම් ඕනේ තරම් මවාගන්න පුලුවන්නේ...

:       2       52

Nihal Saturday, 21 December 2019 12:46 PM

දෙවියන්ට රත්තරන් වලින් ප්‍රයෝජනයක් නැනේ... වුවමනාවක් තියෙනවා නම්... ඕනෑතරම් මවාගන්න පුලුවන්නේ..

:       2       16

lankasri Saturday, 21 December 2019 12:52 PM

පේන හැටියට නම් බිඳලා අරගෙන ගිහිල්ලා නෙමේ අරගෙන බිඳලා ගිහිල්ලා වගෙයි.

:       0       2

Kadawaraya Saturday, 21 December 2019 01:02 PM

මම වැඩේ බලාගන්නම්කෝ... දින 7ක් යනවා.

:       4       1

rocky Saturday, 21 December 2019 01:31 PM

ඔය දේවාලේ බොහොම හාස්කම් තියනවලුනේ..! දෙයියෝ ඔය කවුරු හරි දුප්පතෙකුට රත්තරන් මාලේ තෑගි කරන්න ඇති...

:       66       8

Ruhunu Saturday, 21 December 2019 02:23 PM

වීදුරුව බිඳපු එක වැරැදියි. නැති බැරි මනුස්සයෙක් නම් ඒ ගැන දෙවියන්ට කියලා අරගෙන ගියා නම් දෙවියෝත් නිහඬව සිටීවි. මොකද අවුරුදු සිය දහස් ගණනක් මාලය දේව ප්‍රතිමාවේ කරේ තිබුණත් දෙවියන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති නිසා...

:       1       37

Asanka Saturday, 21 December 2019 02:41 PM

කවුරු වුණත් අයියනායක දෙවියන්ට පිදූදෙයක් හොරාගෙන නම් දුක් වෙනවා ඒ මෝඩයා ගැන... ටික දවසක් ඉඳලා බලන්න ඊළඟ ප්‍රවෘත්තිය ගැන..

:       1       107

sumedhaSaturday, 21 December 2019 03:03 PM

ඒ වගේම තමා මේ ජල ගැල්මත් මහා විනාශයක පෙර නිමිත්තක්ලු...

:       2       60

Mahee Saturday, 21 December 2019 03:19 PM

වනාන්තර ඇසුරේ ජීවත්වන අය දන්නවා දෙවි දේවතාවුන් අදහන ක්‍රමය. ඔවුන්ගේ ඒ විශ්වාසය නිසාම දෙවි පිහිට ඔවුන්ට ලැබෙනවත් ඇති. එ්ක ඉතා පැරණි සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ නිසා මේ පළඳනාව හොරකම් කරපු තැනැත්තා ඇත්තටම කරලා තියෙන්නේ වන්නියේ ජනතාවට අපහාසයක්. ඒ තැනැත්තාගේ හෘදසාක්ෂිය විසින්ම ඔහුට දඬුවම් දෙනු ඇති.

:       30       7

Bamunuarachchi Monday, 23 December 2019 01:49 AM

දෙවියන්ට තමන්ගේ දේපල රැකගන්න බැරිනම් අනික් ගේ දේපල රැකදෙන්නේ කොහොමද කියා හිතන්න බැරි අය ඉන්න රටක් මේක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1341 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1255 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site