IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරම අරී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි)

තබ්බෝව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස වැඩිවිමත් සමඟ  අද (20) සවස් වන විට වාන්  දොරටු හතරම විවෘත කිරීමට කටයුතු කළ බව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු  දිලිප හෙට්ටිආරච්චි මහතා  පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් සිටි දිලිප හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියේ දින කිපයක් පුරා නොකඩවා ඇදහැලුන වර්ෂාව හේතුවෙන් කඩිනමින් ජලාශයේ ජල මට්ටම ඉහළ ගිය බවත් මේ වන විට අඩි 17 අගල් 6 ඉක්මවමින් තිබීමෙන්  අද (20)  දහවල් 11.30 වන විට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරමින් ජලාශයේ ජල මට්ටම පාලනයට කටයුතු කළ බවත්ය.

ඒ අනුව ජලාශයේ දොරවල් 20 න්  දොරවල් 4 ක් විවෘත කිරීමත්  සමඟ   තප්පරයට ඝණ අඩි 1600 ක්  නරි ඔය දිගේ මී ඔයට මුදා හැරීමට කටයුතු කර තිබේ.

සවස් වන විට  ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා  වාන්  දොරටු 4 ම විවෘත කිරීමට සිදු වූ බවත් ,  පහළ මී ඔය නිම්නයේ පදිංචිකරුවන් අවදානමෙන් පසුවන ලෙසත්  වාරිමාර්ග නිලධාරීහු ජනතාවට දැනුම් දෙති.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

ඡායාරූප - ජයරත්න වික්‍රමාරච්චි



අදහස් (0)

තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරම අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 181 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1043 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site