(යොහාන් භාසුර)

දුම්රිය දෙපර්තමේන්තුව තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

කොළඹ කොටුව/බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ කොටුව - මඩකළපුව, කොළඹ කොටුව - ත්‍රීකුණාමලය තැපැල් දුම්රිය මෙසේ අවංගු කර ඇතැයි කී කසුන් චාමර තවත් දුම්රිය කීපයක් ධාවනය කරන තෙක් අවිනිශ්චිත බව ද සඳහන් කළේය.