(කුෂාන් ජයවර්ධන)
කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීමේ මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ ගත කළ බව කියන ගුරුවරුන් දෙදෙනෙකු අද (01) පස්වරුවේ කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන් විසින් කර ඇති පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකාර ගුරුවරු දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට පැමිණී අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගෙන ඇති බව පොලිසිය කියයි.සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකතන දෙකක් ද වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා සිය භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
මෙලෙස සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකකට අනියුක්තව කටයුතු කරන ගුරුවරුන් දෙදෙනෙකු වන අතර ඔවුන් අවුරුදු 30 හා 31 යන වයස්වල පසුවන්නෝ බව පොලිසිය කියයි.
සැකකරුවන් කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.
COMMENTS
මේ කාරණාවත් එක්ක පුංචි දෙයක් කියන්න හිතුනා. මෙවර මේ මැතිවරනේදී මැකෝ වැඩේ පොඩ්ඩක් අනාගත්ත කියලයි මට හිතෙන්නේ. දැන් බලන්න අපේක්‍ෂකයෝ 35ක් ඉල්ලන ජනාධිපතිවරණයකදී ඇයි මැකොට බැරි උනේ ඒ සෑම අපේක්ෂකයෙකුටම අංකයක් දෙන්න. එහෙම උනානම් මිනිස්සුන්ට උඩ ඉදන් පල්ලෙහාට වෙනකන් නම් කියව කියව ඉන්නයි ලකුණු හොය හොයා ඉන්නයි වෙන්නේ නැහැ. කෙලින්ම අදාළ අංකය බලලා ඊට ඉදිරියෙන් තියෙන අපේක්ෂකයාගේ නමට කතිරය ගහන්න තිබුනා. මෙදා පාර ජන්ද විශාල සංඛ්‍යාවක් වැරදියට භාවිතා වෙයි කියල මට හිතෙනවා. මොකද මෙවර ජන්දය ලකුණු කරන ක්‍රමය අසාර්ථක නිසා.
හොඳ වැඩක්...
ගුරුවරුන් වුවත් මොවුන් දෙදෙනා කිසිවිටක පුවත්පතක් බැලීමට හෝ රූපවාහිණී නැතහොත් ගුවන් විදුලියටවත් සවන් නොදෙන ළිඳේ වැටුණු ගෙම්බන් සේ සිටින අය විය හැකිය. නැත්නම් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ අදහස් දැක්වීම් නොදැන සිටීමට නොහැකිය.
නවක ගුරු පරපුර ගන්න දෙයක් නැහැ. පැරණි ගුරුවරු අහලකින්වත් තියන්න බැහැ. ආකල්ප අන්තිමයි. මෙය නැතිකරලා යහපත් ආකල්ප සහිත ගුරුවරු පාසල්ගත කරන්න නිසිපුහුණු වැඩ පිළිවෙලක් සහ බඳවා ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම යහපත් ගුරුවරයකු සතු ආකල්ප සහිත අය පමණක් බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. නැතිනම් අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.
රටේ ලොකුම අපරාධය කළ මොවුන්ට උපරිම දඬුවම් දිය යුතුයි...
මුළුරටම දන්නවා ඡන්ද මධ්‍යස්ථානවල පොටෝ ගන්න වීඩියෝ කරන්න බැහැ කියලා. මේ දෙන්නා එච්චර සරල දෙයක්වත් දන්නේ නැත්නම් හත් දෙයියනේ, මෙයාලගෙන් ඉගෙන ගන්න කොල්ලන්ට, කෙල්ලන්ට අයියනායක දෙයියන්ගේම පිහිටයි.
ගුරුවරු කියන්නේත් මේ සමාජයේම කොටසක්. ඔවුන්ගෙන් විතරක් විශේෂ දෙයක් බලාපොරොත්තු විමත් විහිළුවක්..
ගුරුවරු වුනාට මොලේ නෑ. සේවයෙන් නෙරපා හරින්න ඕන. මේ වගේ මෝඩයන් ළමයින්ට මොනවා ඉගැන්නුවද දන්නේ නෑ මෙච්චර කල් ?