
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දෑත් දෙපසට විහිදුවා තනි රෝදයෙන් යතුරුපැදි පැදවූ තරුණයන් 6 දෙනෙකු පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
මාර්ගයේ ගමන් ගමන් ගන්නා අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අයුරින් තරුණයන් පිරිසක් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාට දුරකථනය හරහා ලද ලද තොරතුරක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම වැටලීම සිදු කිරීමට පෙර පොලිස් උපාය දූතයකු එම ප්‍රදේශයට පිටත්කර යැවූ ස්ථානාධිපතිවරයා තරුණයන් පිරිස ඒ ආකාරයෙන් යතුරු පැදි පදවන අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කිරීමට ද අමතක නොකළහ.
අනතුරුව එම ප්‍රදේශ ආවරණය වන පරිදි රථවාහන අංශයේ නිලධාරීන් යෙදූ ස්ථානාධිපතිවරයා එලෙස අනාරක්ෂිත අයුරින් යතුරු පැදි තරුණයන් පිරිස යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.
පොලිසිය භාරයට ගත් යතුරුපැදි පරික්ෂා කිරීමේදී ඇතැම් යතුරුපැදිවල පිටුපස රෝදයේ ඉහළින් සවිකර තිබෙන මඩ් ගාඩ් ද ගලවා තිබෙන අයුරු දැකගත හැකි වු බවත් ඔවුන් එසේ කර ඇත්තේ තනි රෝදයෙන් ගමන් කිරීමේ පහසුව සඳහා බව එම තරුණයන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් පොලිස් ඇප මත මුදාහැර ඇත.


COMMENTS
ජා-ඇළ පොලීසියට කියන්නේ, ඒකල නිවාසිපුර ඇතුළෙත් මේ වගේ පාර්ට් දාන කොල්ලෝ ගොඩක් ඉන්නවා හවසට... එකෙක් මැරෙන්න කළින් සෝදිසියෙන් හිටියා නම් හොඳයි නේද?
මේ අයට දක්ෂතා පෙන්වන්න ක්‍රීඩා ඇමැතිට කියලා කටුකුරුන්දේ වෙලාවක්, ස්ථානයක් හදලා දෙන්න.
මෙ සියලු දෙනාම අනිවාර්යයෙන්ම මත්පැන්... මත්ද්‍රව්‍ය පරීක්ෂණවලට යොමුකළ යුතුයි.
ඇප මත මුදා හරින්න නම් මොකටද අත්අඩංගුවට ගත්තේ? මුදා හැරියාම පාඩමක් ඉගෙන ගන්නවද මේ අය?
මෙවැනි දේ ඉදිරියට කරන්නට බලාපොරොත්තු වී සිටන උදවියට පාඩමක් ලෙසට, මේ අයට අවම වශයෙන් 6 මාසයක්වත් සිර දඬුවමක් දිය යුතුයි.
සමාජයෙන් කොන්වීම යන මානසික ව්‍යාධිය නිසා ඇතිවන හීනමානය නිසා ඇතිවන තත්වයක් මේ. තමන්වෙත අනුන්ගේ අවධානය යොමුකර ගැනීමට ඔවුන්ගේ යටිසිත විසින් ඇතිකරන පෙළඹවීමක් ලෙස මෙය මනෝවිද්‍යාඥයින් විග්‍රහ කරනවා. මොවුන් නිසා සමාජයේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අවස්ථා තිබෙනවා. අහිංසක ජිවිත කීයක් මෙවැනි මානසික රෝගීන් නිසා අකාලයේ මියගොස් තිබෙනවාද..? පොලිසියටත්, අධිකරණයටත් විශේෂ වගකීමක් තිබෙනවා මෙවැනි හීනොන්මදයෙන් පෙලෙන මානසික රෝගීන් සුදුසු ප්‍රතිකාර සඳහා මානසික රෝහල්වලට යොමුකිරීමට. ඒ වගේම මෝටර්බයික් එක අනිවාර්යයෙන්ම රාජසන්තක කලයුතුමයි. නැතිනම් ඔහු හෙටත් මහපාරේ මේ සෙල්ලම් දමනු ඇත. මානසික රෝගීන් රැසක් විසින් පාලනය කරන රටක මිනිසුන් මානසික රෝගින්විම නැවැත්විය හැකිද...?
කරුණාකර මොවුන්ගේ රියදුරු බලපත්‍ර අවම වශයෙන් වසරක කාලයක් වත් අත්හිටුවන්න. මෙම වරද දෙවැනි වරටත් කළොත් යතුරු පැදිය රාජසන්තක කර, රියදුරු බලපත්‍ර අහෝසි කර මොවුන් හිරෙ දමන්න.
මේක මහපාරේ කිරීම වරදක්.. එ්කට හැමදාම උසාවි දාලා හිරිහැර කිර්මට වඩා, ක්‍රීඩාවක් වශයෙන් මේක දියුණු කරන්න පුළුවන් නම් නාමල් රාජපක්ෂ තරුණ ඇමතිතුමාට හිත්පහළ වේවා..!!! අපේ රටේ මේවා කරන්නේ රස්තියාදුකාරයින්, කුඩ්ඩන්, කියලනේ පිළිගැනීම. ඊට පස්සේ පාරේ පදින අය අල්ලලා හම ගහන්න ඕනේ.
අපේ ගමේ ඔහොම ගියා එක අයියා කෙනෙක් සහ මල්ලි කෙනෙක්... අයියා කකුල දණහිස ළඟින් දෙපොලක් කඩා ගත්තා අවුරුද්දකට විතර කලින්, මල්ලි කකුල සහ අත කඩාගෙන ඇන්ටනා කූරු දාගෙන ඉන්නවා දැන් මාස 06ක ඉඳලා. ඒ ගොල්ලන්ගේ සෙල්ලම් නම් එතැනින් නතර වුණා.
පොලිස් ඇප මත මුදාහැර ඇත කියන්නේ ප්‍රභූවරුන්ගේ පුත්තු වෙන්න ඇති....
තනි කකුලෙන් යන්න කකුලක් කඩන්න. මොකද මොවුන්ට වැරදුණොත් පාරේ යන මිනිසුන්ගේ අත පය කැඩෙන නිසා..
මීට මාසයකට කළිනුත් තනිරෝදෙන් පැදපු හින්දා අහිංසක දරුවෝ 03 දෙනෙක්ම නැතිවුණා. කාලකණ්ණි තමයි මේ වගේ වැඩ කරන්නේ..