IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා අද (27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්  දිනේෂ් ගුණවර්ධන මහතාට සුබපැතීම සඳහා තානාපතිවරයා එලෙස පැමිණි බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිනියක් සඳහන් කළාය.

අදාළ පරීක්ෂණ සඳහා තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය දෙන බව ද ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා එහිදි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පවසා ඇත. 



අදහස් (18)

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

සමන්ත Wednesday, 27 November 2019 06:31 PM

මේවා බොරු. මේ වෙද්දී ස්විට්සර්ලන්ත ආණ්ඩුව ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඔය බොරු පරීක්‍ෂණ ගැන ඒ මිනිස්සු විශ්වාස කරන්නෑ.

:       255       423

athuraThursday, 28 November 2019 04:20 AM

ඔව් බොරු වැරදි දේ සාධාරණය කරන මෙහෙමත් වහල්ලු...

:       181       515

විජිත් Wednesday, 27 November 2019 06:48 PM

ඉස්සර ජොබ් එක අායෙත් පටන් ගත්තා එහෙනම්. හැබැයි ප්‍රවේශමෙන් මේ පාර. කොට්ටෝරුවාටත් වරදිනවාලු. අවුරුදු 5කට කලින් තිබුණු තාක්ෂණයට වඩා අපි දැන් ගොඩාක් ඇඩ්වාන්ස්. පොලිසියට නම් යන්න එපා. ඒ අයට කරන්න දෙයක් නැහැ. පොලිසියේ ඔක්කොම රට පනිනවා බේරෙන්න. කාලකන්නි ගෝත්‍රික වහල්ලුනි... කී දෙනෙක් හෙට නැතිනම් අනිද්දා ගෙනයාවිද කියා දන්නවාද..?

:       1270       1633

wasantha Wednesday, 27 November 2019 06:53 PM

ඔන්න මම නම් නෙමෙයි...

:       1       21

Chathuri Wednesday, 27 November 2019 09:36 PM

අපොයි... පුදනකොටම කාපි යකා. ඒකට ලංකාවේ මිනිස්සු කියන්නේ, හොරකම් කෙරුවත්, මිනීමැරුවත්, අපිට ඕන රජා කියලයි. තව ටිකකලකින් කියයි. සජිත් මැතිඳුනි එන්න රට බාරගන්න. ඔබට පමණයි දුප්පතාගේ දුක තේරෙන්නේ කියලා... එතකොට රට ලෙල්ලටම ගිහින් අනුර කුමාර වැනි අවංක එඩිතර නායකයෙකුට උපාසක සිල්වත් උදවිය කැමති නැහැ. ගිනි පෙනෙල්ලෙන් බැට කනකොට කියයි... අනේ අපි රැවටුණා. දැන්වත් රට බාරගන්න කියලා...

:       722       1014

Nishan Wednesday, 27 November 2019 10:29 PM

සුදු වෑන් ආවා. රතුපස්වලත් එනවා අනිවාර්යයෙන්ම.... විදුලි පුටු භීතිකාවත් මේ සියල්ල පසුපස එනවා.

:       126       427

suji Wednesday, 27 November 2019 11:59 PM

ඉල්ලන් කන්නයි හදන්නේ... අවුරුදු 5 කට කලින් කරපු සෙල්ලම් දැන් බැහැ. හෙට, අනිද්දාම අපේ රටේ පොලිටික්කන්ට travel ban දාන්නද දන්නේ නැහැ හදන්නේ....?

:       49       403

රොහාන් ඩි සිල්වා Thursday, 28 November 2019 12:03 AM

දෙයියෝ සාක්කි! රාජපක්ෂලා වැඩ පටන් අරන් වගේ...

:       212       429

sadis Thursday, 28 November 2019 03:34 AM

සුබ අනාගතයක්...!

:       123       205

උදාර Thursday, 28 November 2019 03:56 AM

ආයෝජන සහ අපනයන වලට මොනවා වෙයිද?

:       12       185

Perera Thursday, 28 November 2019 04:07 AM

නිව් යෝක් ටයිම්ස් පුවත්පත, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මේ සිද්ධියේ සත්‍යබව තහවුරු කළ බවට වාර්තා කර ඇත.

:       24       285

Kumar Thursday, 28 November 2019 04:24 AM

දෙඇස් වසාගෙන කන්වලට ඇඟිලි ගසාගෙන ඉන්න අයට ඔය කතා බොරු...

:       164       353

සුජිත් කුමාරසිරි Thursday, 28 November 2019 04:57 AM

මම කලින්ම කිව්වා ස්විස් ගිය පොලිස් නිලධාරියා වීසා ලබාගත්ත ආකාරයත් සැක සහිතයි කියලා.. ෂුවර් එකටම ඒකේ නාට්‍යයේ කොටසක් විය යුතූයි.

:       453       431

kamaniThursday, 28 November 2019 08:39 AM

ස්විස් ගිය පොලිස් නිලධාරියා වීසා ඉල්ලන්න ඇත්තේ ජිවිත ආරක්ෂාව සඳහායි. ඒක බොරු නොවෙයිනේ. රාජපක්ෂලා කියන්නේ මිනීමරු පරම්පරාවක් බව ඉකොනොමිස්ට් සඟරාවේ අලුත්ම කලාපයේ පවා තියෙනවා.

:       25       229

KamalThursday, 28 November 2019 10:24 AM

ඔයා 2000 ට පස්සෙද ඉපදුනේ... ? අපි දැක්කා 87-88 මිනීමරපු හැටි...

:       14       104

prakaash Thursday, 28 November 2019 05:06 AM

අර නිශාන්ත එක්කම පැන්නද දන්නේ නැහැ.

:       34       79

sena Thursday, 28 November 2019 05:09 AM

මේ අය ගත්තොත් ගෝඨා සර්ට වැඩිදුරක් යන්න බැරි වෙයි...

:       7       83

Champa Thursday, 28 November 2019 09:36 AM

බොරුවක් නම් පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ නැහැනේ... මේක බරපතල කාරණාවක්... තව මාධ්‍යවේදීන්ගෙන් නිකරුනේ ප්‍රශ්න කරන එකත් පටන් අරන්... මහා මැතිවරණයක් අතළඟ තියාගෙන මෙහෙම වෙනවා කියන්නේ මැතිවරණයට ඉදිරිපත් වෙන විරුද්ධ පැත්තේ අපේක්ෂකයින්වත් මේ විදිහට පැහැර ගැනීම් වලට ලක්වෙයිද කියන එක ගැන හිතන්න වෙනවා. ගෝඨාභයට ඡන්දෙ දුන්නේ සිංහල බෞද්ධයන්... ඒ යහපාලනය ගෙදර යවන විකල්පය විදිහට... දැන් සිංහලයින්ගේ ඡන්දෙ අරන් සිංහලයින්ටම ගහනවා නම්, සිංහල මාධ්‍යවේදීන් නිකරුනේ ප්‍රශ්න කරනවා නම්, මහ මැතිවරණයෙන් පස්සේ කොහොම වෙයිද කියලා මිනිස්සුන්ට සැකයක් ඇති වෙන එකේ කිසිවැරැද්දක් නැහැ. 2010 - 2015 වගේ කට වහගෙන ඉන්නේ නැතුව ජනතාව මේවාට විරුද්ධව කතා කරන්න ඕනේ...

:       266       320

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1218 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1196 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site