IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තනතුරින් පහකළ නගරාධිපති යළි පුටුවට

(ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල මහ නගර සභාවේ අයවැය පිට පිටම තෙවරක් පරාජයට පත්වීම නිසා දින 11කට පෙර ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයන් ධුරයෙන් ඉවත් කළ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි පිරිසකගෙ ජන්දයෙන් යළි නගරාධිපති තේරී පත්විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ජන්දයෙන් ප්‍රියන්ත අමරසිරි මහතා තේරී පත්ව නගරාධිපති තනතුරේ කටයුතු කරන අතරතුර  පිට පිටම තෙවරක්ම අයවැය පරාජයවීම නිසා අකර්යක්ෂම සේවයක් නගර සභාව තුළ පැවතීම හේතුවෙන් ප්‍රියන්ත මහතා නගරාධිපති තනතුරින් ඉවත් කළේය.

යළි නගරාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහ නගර සභා පුරහලේ රැස්වීම් ශාලාවේදි පැවති මහා සභාරැස්වීමේදි සභිකයින් අතර විවෘත්ත ජන්දයක් පවත්වා නගරාධිපතිවරයා තෝරා පත්ගැනීම සිදු විය.

එහිදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි යසන්ත චන්දිම දසානායක මහතා  හිටපු උප නගරාධිපති අසිත නලින්ද රංගේ බංඩාර මහතාගේ නම යෝජනා කළ අතර එම යෝජනාව එම පක්ෂයේම මන්ත්‍රි ප්‍රසන්න ප්‍රිය එදිරිසිංහ මහතා විසින් ස්ථීර කළේය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි සෙල්වප්පා සුරේෂ් මහතා හිටපු නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාගේ නම යෝජනා කළ අතර එම පක්ෂයේම මන්ත්‍රි අචල මහානාම මහතා එය ස්ථීර කළේය.

ඉන් අනතුරුව පැවති විවෘත්ත ජන්දයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනකු හැර සියලුම දෙනාත් එක්සත් ජාතික පක්ෂයේ  මන්ත්‍රිවරුන් සියලු දෙනා හිටපු නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාට ජන්ද  ලබාදුන් අතර ඔහුට පක්ෂව ඡන්ද 15ක් හිමි විය.

හිටපු උප නගරාධිපති අසිත නලින්ද රංගේ බංඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පස්දෙනා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිනී සුජාතා දමයන්ති මහත්මිය ද සමග ජන්ද හයක් අසිත නලින්ද රංගේ බංඩාර මහතා හිමිව තිබිණ.

 



අදහස් (1)

තනතුරින් පහකළ නගරාධිපති යළි පුටුවට

Perera Tuesday, 11 January 2022 11:50 PM

ඒ එයාගේ සම්තින්ග් එක නැතුව ගියාම ඔක්කොමලා එකතුවෙන්න ඇති බඩ කට පුරවගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 972 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site