
(කුෂාන් ජයවර්ධන)
තුන්කොන් ප්‍රේමයක් මුල් කරගනිමින් කලාවැව ජාතික උද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවූ ද්වන්ධ සටනකින් තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවාට කැකිරාව මිරිස්වත්ත කැලෑ බද ප‍්‍රදේශයේ රැදී සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව ගනේවල්පොල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුලු පශු වෛද්‍ය කණ්ඩායමක් ප‍්‍රතිකාර කටයුතු සිදු කරති.
මින් දින කිහිපයකට ඉහතදී එම ඇත් පොරය ඇතිවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. හඳුනා නොගත් ඇතාගේ පහරදීමෙන් බරණ ඇතාගේ ශරීරයේ ස්ථාන රැසක තුවාල සිදුව තිබේ. තුවාල ලත් ඇතාගේ දළ යුගලයේ කෙලවර කතිර හැඩයට එකිනෙක මත පිහිටා තිබීම හේතුවෙන් සටන්වලදී මෙම ඇතාට අවාසියක් වී තිබෙන බව වනජීවී නිලධාරීහු පවසති
මෙලෙස තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවා මේ වනවිට කලාවැව ජාතික උද්‍යානයෙන් පිටව ගොස් සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව පශු වෛද්‍යවරු කියති.






COMMENTS
පිරිමි අතර සටනක් කොතනද, එහි කොහේ හෝ කෙළවරක ගැහැණියක් ඇත.
බරණට ඉක්මනින් නැවත සුවය ලැබේවායි පතමි. මෙම හස්තියා දල වලට කෑදර තුච්ඡ මිනිසුන්ගේ වෙඩි පහරට ගොදුරු නොවෙවායිද පතමි.