(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි, සුළං හා අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ජනතාව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මහනුවර, නුවරඑළිය, කෑගල්ල, බදුල්ල, කුරුණෑගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි පවුල් 556 කට අයත් 2245 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ පවුල් 307කට අයත් 1,128 දෙනෙක් තද සුළං හා අකුණු අනතුරු හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ද ඔහු සඳහන් කළේය.
මෙම ආපදා තත්ත්වයෙන් මරණ තුනක් වාර්තා වී ඇති අතර හත්දෙනෙකු තුවාල ලබා තිබේ.
නිවාස 22කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 484කට අර්ධ හානි සිදුව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මීට අමතරව නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 140කට අයත් 628 දෙනෙකු, මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 66කට අයත් 286 දෙනෙකු, බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 53කට අයත් 267 දෙනෙකු, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 51කට අයත් 193 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවුල් 5කට අයත් 29 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2041
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තද වැස්සෙන් - සුළඟින් දිස්ත්‍රික්ක 6ක ජනතාව පීඩාවට