(නිමල කොඩිතුවක්කු)
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප‍්‍රබල ආධාරකරුවෝ පිරිසක් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළකරමින් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා නායකත්වය දරන ලංකා කම්කරු ජාතික පෙරමුණට හා ජාතික කම්කරු සංගමයට එක්වූහ.
ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ ප‍්‍රබල ආධාරකරුවන් වන එම්. මලර්වාසගමි හිටපු ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී එන්. වීරසාමි යන මහත්වරු ඇතුළු පිරිසක් කඳුරට සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය පලනි දිගම්බරම් මහතා හමුවී අද(15) මෙලෙස සහයෝගය පළ කළහ.
වත්මන් ආණ්ඩුව වතුකරයේ ජනතාවට ලබාදෙන ප‍්‍රතිලාබ සහ එම ප‍්‍රදේශවල සිදුවන සංවර්ධනය තවදුරටත් ශක්තියක් ලබාදීම සදහා තමන් දිගම්බරම් මහතා සමග සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා දීමට තීරණය කළ බවත් එම පිරිස එහිදි කියා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මහතාගේ පියා තමයි..... වතුකරයේ දෙමළ ජනතාවට ප්‍රජා අයිතිය ලබා දුන්නෙ.... ඒ මිනිස්සු කලගුන සලකනවා... දිගම්බරන් තොන්ඩමන්ගෙ කට්ටියගෙ ඡන්ද එකතු වුනොත් සජිත්ට ගොඩක් කන්ද උඩරටින් ඡන්දය ලැබෙනවා.... සරත් පොන්සේකට ආරක්ෂක ඇමති කම දුන්නොත් නම් සුපිරියි... මිනිස්සු කාල බීල හොදින් ඉන්නවා..... රට දුප්පත් වෙලා නෑ.... මිනිසුන්ට සල්ලි අතේ නැත්තෙ අමතර වියදම් වැඩි නිසා.
අන්තිමට වෙන්නේ සුලු ජාතිකයන් එකතු වෙලා ඔවුන්ට සරිලන අස්ථිර ආණ්ඩුවක් බලයට ගෙනෙන එක තමයි.
ඔන්න බුද්ධිමත් මිනිස්සු.
ජයවේවා!
හැම තැනකදීම පැති මාරු කරන මේ සියලුදෙනාම වගේ " හිටපු" කට්ටිය වගෙයි පෙනෙන්නේ. කෙසේ නමුත් දිගම්බරන් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ නිවාස ගැටලුව විසඳීම සඳහා ලබා දුන් ඩොලර් මිලියන 300 ආධාර වලින් වතුකරයේ ලයින් නිවාස වල ජීවත් වූ ජනතාව වෙත පර්චස් 7ක ඉඩමක තමන්ගේම නිවසක් සාදා දුන් ව්‍යාපෘති ගනනාවක් නිමා කරදීමට සමත් වෙලා තියෙනව. වතුකර ජනතාවගේ පඩිය යම් ප්‍රමානයකින් ඉහල නංවා ගන්නට කටයුතු කලා.
වතුකරයෙන් නම් ජාතිවාදීන්ට ජන්දේ නෑ.
වතුවල ඉන්න දුප්පත් මිස්සුන්නට ගොඩාක් ගෙවල් හදල තියෙනවා සජිත් එනිසා වෙන්න ඇති මිනිස්සු සජිත්ට කලගුණ සලකන්න යන්නේ කියලයි අපි හිතන්නේ ......
මෙතනදී පෙනෙන්නේ දෙමල් ජනතාව අතරත් ජාතිවාදී පිරිසක් හා එසේ නොසිතන පිරිසක් සිටින බව නොවේද ? මේ තත්වය ඉදිරියේදී TNA සහාය දීමත් සමග රටට තවත් තහරු වෙනවා ඇත.