(මනෝප‍්‍රිය ගුණසේකර)
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නොමැතිව ඔහුට එරෙහි නඩුව විමසීම සඳහා ලබන මාර්තු 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(16) නියම කළේය.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට පැමිණීමට නොහැකි තරම් රෝගී තත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා දෙපාර්ශවයේ සාක්කි ලැයිස්තු ලබන 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණි.
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීතී සංග‍්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බරපතල රෝගී තත්වයෙන් ප‍්‍රතිකාර ලබන හෙයින් අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කරන ලදී.
ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මාර්තු මස 02 වැනිදා යළි කැදවීමට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විත්තිකරු තදබල අසනීපයෙන් බවට නීතිඥවරු "කරුණු" ඉදිරිපත් කළා.. වෛද්‍ය සහතිකයක් නෙමෙයි, නීතිපතිගෙන් විරෝධයකුත් නෑ. ඔන්න රන්ජන් අපේ වැඩ...!
රන්ජන්ගේ පරීක්ෂණ ඉවරවෙනකල් මේක අහන එක සංස්කෘතියට, සභ්‍යත්වයට, සදාචාරයට, අරකට, මේකට හොඳ නෑ. ආණ්ඩුවේ කට්ටිය ගෑවෙන අනික් නඩුත් අහන්නේ නැති තරමට තමයි හොඳ...
ඕක නඩුවක් නොවේ.
මේ රැල බලයේ ඉන්නකම්වත්, රනිල් විපක්ෂයේ හෝ බලයේ ඉන්නකම්වත් ඔය නඩුව අහන්නේ නැහැ. මේකට එකම එක විසඳුමයි තියෙන්නේ. මුළු රටම දන්නවනේ මිනීමරුවන් කව්ද කියලා. ඉතින් නන්නාඳුනන තුවක්කුකරුට පමණයි පුළුවන් සාධාරණයක් කරන්න. තවත් එක මිනීමරු කුඩු මුදලාලියෙක්ව ආණ්ඩුවේ අනුහසින් එළියට දානවා කියලා රාවයක් යනවා. මිනිහත් එළියට ආවාට පස්සේ ...නන්නාඳුනන තුවක්කුකරුට එකම දවසක මේ දඩයම් ඔක්කොම කරගන්න හැකිවුණොත් නම් නියමයි.
මේ නඩුව අහන්නෙත් නැහැ.. වැරදි කරුවන් හිරේ යන්නෙත් නැහැ.. මේ ආණ්ඩුව තියෙනකම් මෙයාට විසදුම් ලැබෙනවා... කල් ගිහින් වයසක මඩේ ගුරාලා මියගිහින්... එතකොට එලොව ඉඳන් නඩුව අහලා වන්දි ගෙවයි. තාජුදීන්ගේ පවුලේ කට්ටිය අද වෙනතෙක් දරුවා වෙනුවෙන් ඇයි නැගී නොසිටින්නේ? ගුරුකමක්වත් කරලද නඩු කල්දමන්න කරනවා වගේ. නඩුව හරියට අහපු දවසට උපාසක, උපාසිකාවන්ට රෙදි ගැලවෙයි. එහෙම දෙයක් වෙන්නේ අධිකරණය වෙනස් වෙලා යුක්තිගරුක නායකයෙක් බිහිවුණු දවසටයි.
මේවා කරවපු උදවියගේ හඬපටවල් සොයාගන්න බැරුව ඇති... අනේ මන්දා..