(මනෝප‍්‍රිය ගුණසේකර)
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්වයෙන් පසුවීම හේතූවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් 7 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බරපතල රෝගී තත්වයෙන් පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන හෙයින් අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීතී සංග‍්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුගේ රෝගී තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා මෙම නඩුව කැඳවන ලබන නොවැම්බර් 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විත්තිකරුගේ නීතීඥවරයාට දැනුම් දුන්නේය.
COMMENTS
අපි ඒත් බැලුවා තාජුඩීන් නඩුව මෙච්චර පරක්කු වුණේ ඇයි කියලා .ඡන්දයක් ළං වෙන කොට වෙන කේස් එකක් තමයි .2015 යහ පාලන ආණ්ඩුව බලයට පත්වුණේ ඔය තාජුඩීන් කියලා තමයි.හැබැයි පසුගිය අවුරුදු 5ට ඔප්පු කරන්න බැරිවුණා .
මේක පුදුම නඩුවක්. මේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට මෙයාටත්, මරණ පරීක්ෂණ වාර්තාව වෙනස් කළ බවට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් අධි චෝදනා ගොනු කරමින් මහාධිකරණයේ නඩු පවරලත් ඉවරයි. නමුත් මිනීමරුවන්ටත්, වාහන දීලා අනුබල දුන් අයට තාම නඩු නැහැ. කොහොමද නීතිය නවන හැටි...
මේක කවදාවත් අහන නඩුවක් නෙවෙයි. අහලා ඉවරවෙන එකකුත් නෙවෙයි.
අප්පා... තාජුඩීන් ආයෙත් නැගිටලාද?
මම මේ බැලුවේ ... "තාජුඩීන්" සහ "බැදුම්කරේ " වෙළඳ ලකුණු යටතේ චුවින්ගම් හදලා ඡන්දෙ කාලෙට වැඩියෙන් විකුනන්න. තව ඕනෙනම් ... "ඩේසි ආච්චි " , " සිරිලිය " , "මගනැගුම " වෙළඳ නාම යටතේත් මොක මොකව හරි වික්කුනන්න පුළුවන් ... මේ කාලෙට මොකෝ කියන්නේ කස්ටිය ? දෙන්නකෝ ඔයාලගේ මනාපේ.