(යොහාන් භාසුර)

දින හතරක ප්‍රමාදයෙන් පසුව නිදහස් කරගත් නෞකාවේ ඩීසල් අද (23) පස්වරුවේ බෙදාහැරීම ආරම්භ කරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සාමාන්‍යාධිකාරී සමීන්ද්‍ර අබේසේකර මහතා පැවසීය.

එම නෞකාවේ ඩීසල් බෑම ආරම්භ කර ඇති බව කී සමීන්ද්‍ර අබේසේකර මහතා එම ඩීසල් තොගයෙන් කොටසක් මුතුරාජවෙල ගබඩාවට ද, ඉතිරි කොටස කොලොන්නාව තොග ගබඩා පර්යන්තයට ද, ගොඩබාන බව ද සඳහන් කළේය.

සෙනසුරාදා නිදහස් කරගත් නෞකාවේ පෙට්‍රල් තොගය මේ වන විටත් කොලොන්නාව තොග ගබඩාවේ ගබඩා කරමින් සිටින බවත් නෞකාවක ඉන්ධන ගොඩබෑම සඳහා දින තුනක් පමණ ගතවන බවත් සමීන්ද්‍ර අබේසේකර මහතා කීය.