IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ඩෙල්ෆ්හි සංවර්ධන කටයුතු සඳහා රජයේ අරමුදල් අවභාවිත කිරීම ගැන විමර්ශන

(තිළිණි ද සිල්වා)
 
යාපනය ඩෙල්ෆ් දුපතේ සංවර්ධන කටයුතු සඳහා වන රජයේ අරමුදල් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට, වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව තීරණය කර ඇත.
 
එහි පොලිස් ඒකකය විසින් මේවන විටත් පැමිණිල්ලට අදාළ මූලික විමර්ශන ආරම්භ කර ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
 
ඩෙල්ෆ් ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් තම අභිමතය පරිදි සංවර්ධන කටයුතු සඳහා වන ටෙන්ඩර් තම හිතවතුන්ට ලබා දෙන බව අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.
 
ඒ අනුව ප‍්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් ඩෙල්ෆ් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු නොකරන බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව එම කොමිසමේ ප‍්‍රකාශකයා  සඳහන් කළේය.
                    



අදහස් (0)

ඩෙල්ෆ්හි සංවර්ධන කටයුතු සඳහා රජයේ අරමුදල් අවභාවිත කිරීම ගැන විමර්ශන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site