
(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නැයි රජයේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත .
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සදුදා පැවැති සතියේ කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් පිරිස මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ඩොලර් හිඟය හේතුවෙන් ආර්ථිකයේ බරපතළ ගැටලු රැසක් පැන නැගී ඇති බැවින් ඒ සඳහා වහා විසඳුමක් ලබා දෙන්නැයි ඇමතිවරුන් එහිදී පෙන්වා දී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි .
ඩොලර් අර්බුදය විසඳීම සඳහා රජය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි ජනතාව දැනුවත් කළ යුතුව ඇති බවත්, ඊට පෙර මේ සම්බන්ධයෙන් ඇමතිවරුන් දැනුවත්වීම වැදගත් බවත් ,එම ඇමතිවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
මේ අනුව ,මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් මේ සතියේ හෝ ලබන සතියේ කැබිනට් රැස්වීමට කැඳවීමට බොහෝදුරට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඒක හරි. ඒ එක්කම ඡන්දෙට කලින් ඔය ප්‍රශ්නය අහපු මාධ්‍යවේදියත් කැඳවන්න. මල්ලි අයියගේ මූණ බැලුවාම කිව්වේ සල්ලි හොයාගන්න ක්‍රමය දන්නවා කියලා...
සරලවම තව ලෝන් එකක් අරගෙන ඩොලර් ටිකක් වෙළඳපොලට දාන්න. මේක නිමාවක් නැති විහිළුවක්...
සේවා අපනයනද ඇතුළත්ව අපනයනවලට වැඩියෙන් ආනයන ඉහළයාම රටට ඩොලර් නැතිවීමට හේතුවයි. හිඟයට පිළියම් ලෙස කළේ ඩොලර් ණයට ගැනීමයි. ණය අරන් වැඩිකමට ඒක දැන් ණය කන්දක් වෙලා. හැමදාම ණය අරන් ජීවත්වෙන්න බැරිබව දැන්වත් තේරෙනවාද? ආනයනවලට වඩා වැඩි ප්‍රමාණයකින් අපනයන වැඩිකිරීමට කටයුතු නොකරනතුරු මේ විදේශ විනිමය හිඟකමට හැමදාම මුහුණදීමට සිදුවනු ඇත. විදේශ ප්‍රාග්ධන ගලා ඒම්ද සාර්ථකව කරගන්නට රජය අපොහොසත් වී අැත.
ඩොලර් මවන්න තමයි වෙන්නේ දෙන්නාටම..!!
මේ කතන්දර දැන් කාලේ චූටි දරුවෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. මේ අපතයින් දෙන්නා පී.බී. ජයසුන්දරත් සමග එකතුවෙලා අපේ රටේ ආර්ථිකය නැත්තටම නැති කළා. මොන මගුලකටද කැබිනට් එකට කැඳවන්නේ...? හැම හැන්දෑවකම මහින්ද රාජපක්ෂගේ කුස්සි කැබිනට් එකේදී රැස්වෙලා රටේ මහජනයාට අයිති රටේ දේපළ විකුණන හැටි, රට චීනාට විකුණන හැටි... වැනි අසික්කිත තීරණ ගන්නා බව අපි නොදන්නවා නොවෙයි. දවසක නව රජයක් පත්වුණු වහාම මේ තිරිසන්නුන්ට විරුද්ධව චෝදනා ගොනුකොට පැය 24 තුළ නඩු අසා, ජීවිතාන්තයටම සිරගත කළ යුතුය. මැදමුලන හොරු අැතුලු සියලුම හොරුන්ගේ දේපළ රාජසන්තක කළයුතුයි...
හොරු සමග හෙළුවෙන්...!
මේ ගැන දන්නා කෙනෙක් ගෙන්නුවා නම් නේද හොඳ...?
ඩොලර් හොයාගන්න හැටි කියන්න බැරුව නන්නත්තාර වෙලා ඉන්න ජෙප්පන් මේවා ඔබලාගෙන් ඉගෙනගෙන ඔබලාටම ගහයි.. ඒ නිසා ඕවා පාර්ලිමේන්තුවේ කියන්න එපා.
ග්‍රීස් බොන්ඩ් සල්ලි වලට මොනවද වුණේ?