
(අජන්ත කුමාර අගලකඩ)
රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඩොලර් හිගය බරපතළ ලෙස බලපා ඇතැයිද ඇමතිවරුන් කිහිපදෙනකු එහිදී පෙන්වා දී ඇත .
එහිදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඩොලර් හිගය ඉන්ධන ආනයනයටද බරපතළ ලෙස බලපා ඇතැයි සඳහන් කර ඇත .
ඉන්ධන පමණක් නොව, ඖෂධ ආනයනයට ද ඩොලර් හිඟයේ බලපා ඇති බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට කටයුතු කළ යුතුයැයි ඇමති ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත .
රටට අවශ්‍ය ඉන්ධන ලබන පෙබරවාරි මාසය දක්වා ආනයනය කිරීමට සංස්ථාවට හැකියාව ඇති නමුත්, ඉන්පසුව ඉන්ධන ආනයනය කිරීමට හැකියාවක් නොමැති බවද ඇමතිවරයා එහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වේ .
එබැවින් ,මේ මොහොතේ තියෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම බව ඔහු පෙන්වා දී ඇත.
එහිදී අදහස් දක්වා ඇති වාසුදේව නානයක්කාර, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකු පෙන්වා දී ඇත්තේ ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ලබා ගැනීමට ගියහොත් ඔවුන්ගේ කොන්දේසි වලට අනුගත වීමට සිදුවන බවය.
එම කොන්දේසි ඉටු කර ජනතාව හමුවට යා නොහැකි බව ද ඔවුන් පෙන්වා දී ඇත. මේ අතර, අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්ධන, ඖෂධ පමණක් නොව, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය අඩු වුවහොත් එයද ආනයනය කිරීමට සිදුවන බව පෙන්වා දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දුරටත් ඉහල පොලී අනුපාත මත යැපී වැනසෙනවාද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ප්‍රතිසංස්කරන කොට සැනසෙනවාද යන්න තීර්නය කළ යුතුයි, මුල්‍ය අරමුදල විසින් යෝජනා කරන ප්‍රතිපත්ති රටේ යහපතටම වනු ඇත. බොරු පොරොන්දු දී ඉටුකිරිමට දැගලීම නැති වනු ඇත. අනව්ශ්‍ය වියදම් කපා හැරීමට යෝජනා කරනු ඇත. ඇමති මන්ඩලය සීමා කිරිමට සිදුවනු ඇත.
එක සෙට් එකක් හොඳටෝම වයෝවෘද්ධ වූ හැබැයි උද්දච්චකමේ සහ මාන්නයෙන් ඉදිමී පුපුරන්න ඔන්න මෙන්න වූ සිහිමද මහල්ලන් පිරිසක්. තව සෙට් එකක් කිසිඳු දැනුමක් නැති නිකන්ම නිකන් කට වාචාලයො පිරිසක්. තව කිහිප දෙනෙක් හොඳයි සර්කස් කවටයන්ට. මෙහෙම සංයුතියක් තියෙන කැබිනට් මණ්ඩයක් කොහොමද රටක් පාලනය කරන්නේ??
ඇයි මොකටද ණය ගන්නේ.? ඉල්ලගන්න්කෝ පැන්ඩෝරා පෙට්ටියේ තියෙන්නේ අපේ සල්ලි තමයි.
රට සෝමාලියාවක් කළා...
මේ ජනාධිපති බලයට එනකොට නම් කිව්වේ ඔහුට නිසි වැඩපිළිවෙල සහ නිසි සැලැස්ම එක්ක තමයි වැඩ කරන බව... දැන් තේරෙනවා කිසිම සැලැස්මක් හෝ වැඩපිළිවෙලක් නැති බව. වටේ ඉන්න වියත්මග නොවේ වියත්මඩත් වර්ණනා කළේත් එහෙමයි.
යමු අපි අරමුදලට...
2019 ඡන්ද සමයේ කොහොමද මුදල් ලබාගන්නේ පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට, අයියගේ මුහුණ බලනකොටම තේරුණා, ඉදිරියේදී අනාගන්න බව. දැන් පැහැදිලියි නේ...
මූල්‍ය අරමුදල දමන කොන්දේසි ජනතාවට සුබදායක වන අතර දූෂිත දේශපාලකයාට අහිතකර විය හැක..
ඉතින් ඔය කියන කට්ටිය ණය දෙන්න කැමැතිලුද?
හොඳම දේ තමයි චන්දයක් තියලා කරන්න පුළුවන් කෙනෙක්ට රට භාර දෙන එක .පාර්ලිමේන්තුවේ සීට් ගණන 225 සිට 101 දක්වා අඩු කල යුතුයි
ආ !ඔය එක්කෙනෙක් කිව්වා වගේ මතකයි අපිට ඕනේ තරම් තියනවා කියලා .මේ මාස පහ හයට ඒ ටිකත් පිල්ලි ගැහුවද ?ප්‍රභූ වාහන ගෙන්නුවේ රුපියල් වලින් වෙන්න ඇති ?
ඇත්ත තමා, අයි.එම්. එෆ් එකෙන් ණය අරන් හොරා කන්ඩ අමාරුයි. දුප්පත් රටවලට ණය දෙද්දී තදින් බලනවා ඒ අය. මේගොල්ලෝ දැන් කරල තියෙන්නේ එතකොට ජනතාව අතරට යන්ඩ වැඩද? රටේ ස්වභාවික සම්පත් විකුණන එක හොදයි එතකොට
දිගින් දිගටම මුළු රටම ගොනාට අන්දලා මදැයි රටටම කෙලියා කාලකන්ණි පාදඩ පවුල. මුන්ගේ කිසිම උගත්කමක් මොලයක් නෑ. තියෙන්නේ පාදඩකම විතරයි
ඔය යෝජනාව මෙයට කලින් කරන්න කිව්වෙ හිටපු අගමැති රනිල් නේද .එවෙලෙ එය කලානම් මේ වනවිටත් තරමක් සහනයක් ලැබෙනවා .ආහාර ගැන බයවෙන්නෙ මොකටද කෘෂිකර්ම ඇමතිවරයා කාබනික වගාව අපනයනයටත් ප්‍රමාණවත් වෙන්න කරනවා.ඇත්තටම විදේශිකයන් ඉල්ලනවා කියන දේශීය බෙහෙත් ගැන පරීක්ෂණ කර ඒවාට හුරුවුනොත් ගේන්නෙ මොකටද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා නම් දූෂණය නතර කළ යුතුයි.
ණය ගත්තම ණය බර වැඩි වෙනවානේ .ණය නොගෙන ඉවසන් ඉමු
සර්නේම් මංකොල්ලයෙන් උපයාගත් ධනස්කන්දය දැම්මානම් වැඩේ ගොඩනේ
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත්තොත් ඔවුන්ගේ කොන්දේසි වලට අනුගත වීමට සිදුවන නිසා ගන්න බෑලු." ඉතින් මොනවද මේ කොන්දේසි ? දූෂණය තුරන් කිරීම. විගණනයට යටත් කිරීම. විනිවිද භාවය . ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම. කොමිස් ගැහිම හා මංකොල්ලය නතර කිරීම. අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම. සැම ජන කොටසකටම නීතිය හා සම අයිතීන් ලබාදීම. හැබැයි ඉතින් චීනයේ ණය ගත්තා නං ඔය මොකුත්ම නෑ. ගිනි පොලියට .. ඕනතරම් හොරා කන්න පුළුවන්. කොමිස් ගන්නත් පුළුවන් ගෙවන්න බැරි නං රටෙන් කැල්ලකට හිලව් කරන්නත් පුළුවන්.. තව ඉතින් අපිට හොදටම කරන්නත් පුළුවන්.
කොහෙන්වත් මොකටද හෙල්පින්ග් හම්බන්තොට ගිණුම තියෙන්නේ ..පවුලේ තව ඕනාතරම් ඇතිනේ.
ආච්චි අම්මාගේ මැණික් මල්ල,, කටුගෙයි වටිනා පුරාවස්තු ,උතුරෙන් අල්ලගත්තු රත්තරං ,,පැන්ඩෝරා ගිණුම,සිරිලිය ගිණුම ,හෙල්පින්ග් හම්බන්තොට ඔය තියෙන්නේ. පිටරට බැන්කුවල තැන්පත්කරුවත් ඕන හැටියේ.
ඩොලර් ගේන්න නම් ඩොලර් මිල ඉහළ දැමිය යුතුයි.
මොකදට මුල්‍ය අරමුදලට යන්නේ, යන්නකෝ රනිල් ගාවට.
රාජපක්ෂලා රිංගපු දේ නිදහස් කළ යුතුයි! එතකොට මුදල් අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.
ජොනී සහ තවත් සමහර මෝඩයන්ට අනුව අපට ඕනෑ තරම් මුදල් තිබේ. ඒත් රජයේ සේවකයන්ට පඩි දෙන්න ආණ්ඩුවට සල්ලි නෑ.. ජනාධිපති මේ මෝඩයන්ව පාර්ලිමේන්තුවෙන් පන්නන්න ඕන.