IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඩිලාන්ට විනය පිළිබඳ සාදාචාරාත්මක ප්‍රශ්නයක් ඇති බව දුමින්ද කියයි

(ජයන්ත සමරකෝන්)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට විනය පිළිබඳ සාදාචාරාත්මක ප්‍රශ්නයක් ඇති බවත් ශ්‍රීලනිප ලේකම් ධූරයට පහරගැසීමට ඔහුට අවශ්‍යවී ඇති බවත් ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (08) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

පක්ෂයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වී ඔහු මෙම ප්‍රකාශය කලානම් වඩා හොඳ බවද මන්ත්‍රීවරයා කීය.

ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක් ගත හැකි වුවද ඇතැම් දේවල් අතහැර දැමීමට සිදුවී ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණයට පෙර මැතිවරණයක් නොඑන බවද ඒ සඳහා කාලය පෙබරවාරිය දක්වා ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කොළඹ 10 ඩාර්ලිපාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ අද (08) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

 



අදහස් (0)

ඩිලාන්ට විනය පිළිබඳ සාදාචාරාත්මක ප්‍රශ්නයක් ඇති බව දුමින්ද කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site