(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්වය ඉදිරි මාස දෙකේදී අත්විඳීමට සිදුවනු ඇතැයි වයිරසවේදය පිළිබඳ ලෝ ප්‍රකට මහාචාර්යවරයකුවන මලික් පීරිස් මහතා අනතුරු ඇඟවීමක් කරයි.
නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ විශාල විනාශයක් සිදු කළ බවත් එළඹෙන සති කීපයේදී එය ශ්‍රී ලංකාවේත් විශාල බලපෑමක් ඇති කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මහජන සෞඛ්‍යය වෘත්තිකයෙකු ලෙස මෙම අනතුරු ඇඟවීම නොකළහොත් තමාගේ වගකීම පැහැර හැරියා වන බව පැවසූ පීරිස් මහතා මෙම නව ප්‍රභේදයට එරෙහිව සැලකිය යුතු බලපෑමක් කිරීමට එන්නත් මාත්‍රා දෙකම අවශ්‍ය වන බවද පැවසුවේය.
එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කිරීම ගැන තම ආණ්ඩුවට සහ මහාචාර්ය ජයසුමන මහතාට සුබ පතන බවද ඔහු කීවේය.
මලික් පීරිස් මහතා මෙසේ පැවසුවේ ජාතික විද්‍යා පදනමේ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
COMMENTS
8 පාස් මහාචාරියා ඕක කිව්වොත් තමයි පිළිගන්න පුළුවන්...