(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ජාන විකෘතිතා (MUTATION ) හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය.
මෙම විකෘතිතා හතර ඩෙල්ටා වයිරසයේ පැතිරීමට බලපාන ආකාරය ගැන සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඇය කීවාය.
මෙම විකෘතිතා සම්බන්ධයෙන් ජනතාව කිසිසේත්ම කලබල විය යුතු නැති බව පැවසූ මලවිගේ මහත්මිය ඕනෑම වයිරසයක් වේගයෙන් ව්‍යාප්ත වෙද්දී මෙවැනි විකෘතිතා ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් බවද සඳහන් කළාය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයෙන් මෙයට පෙර හඳුනාගෙන තිබුණේ විකෘතිතා තුනකි.
COMMENTS
වයිරස් එකේ ව්‍යාප්තිය වැඩි වෙන්න වැඩි වෙන්න විකෘති හට ගන්න සම්භාවිතාව වැඩි වෙනවා.
බහුතරයක් ජාන විකෘති උන මිනිස්සු වාසය කරන මේ වගේ රටක ඔහොම නොවුනොත් තමා පුදුම මහාචාර්යතුමියනි ..
දැන් සැපයිද සර්.?
අනේ අපි මක්කටෙයි කලබල වෙන්නේ? ඔය තව මක්කහරි විකෘති ආවොත් ඕක ඕනෙනම් දෙගුණයක් වෙයි. ඉතින් අහවල් එහෙකටෙයි මයේ අප්පේ...
සෑම සොයාගැනීමක්ම ජනතාවට දැන්වීමත් අනර්ථකාරී විය හැකි. අනවශ්‍ය අයට ලැබෙන තොරතුරුවලට හයි ස්පීඩ් පියාපත් එනවා ඕන නැති තැන්වලට බෙදන්න. ටිකක් හිතන්න.
රටේ තියෙන ඉතිරි මුදල් ටිකත් පිටරට බෙහෙත් කම්පැණිවලට පුදන්න වැඩක්... බොරුවට වෛරස් හොය හොය ඉන්නේ නැතිව ලෝකයටම පේන්න බෙහෙතක් හදලා රට ගොඩගන්න උත්සාහ කරන්න රට විනාශ නොකර... ස්තූතියි!!!