
(සුජිත් හේවාජුලිගේ)
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයා සොයා ගැනුණු කහතුඩුව ජයලිගම ප්‍රදේශයේ තවත් එවැනි ආසාදිතයන් ඇත්දැයි සොයා ගැනීම සඳහා පරීක්ෂණ ඇරඹූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දනුක පද්මරාජ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙයට අමතරව රෝගියාගේ ආශ්‍රිතයන් සොයා ගැනීමට රජයේ බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක්ද විමර්ශන අරඹා ඇත . මේ අනුව ප්‍රදේශයේ පුද්ගලයන් 100 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අද භාරදුන් බවද මහජන සෞඛ්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
මෙම පරීක්ෂණවල ප්‍රතිඵල හෙට (29) ලැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කඩේ යන්නේ කොරෝනාවලට අනිවාර්යයෙන්ම කියයි ඩෙල්ටා බෝවෙලා කියලා.. එතකොට අර එන්නත් සමාගම් ඉක්මණට එන්නතක් හදලා එවයි. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..