(මහේෂ් කීර්තිරත්න)
මාතලේ නාගරික මන්ත්‍රීවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ(එජාප) මහතා අද(09) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
අලුවිහාරේ මහතා ඊයේ(08) දිනයේදී මාතලේ (එජාප) නාගරික මන්ත්‍රීවරයකුට පහරදී තිබූ බව පොලිසිය පවසයි.
පහර ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලකයෝ මාතලේ නැවතත් මැරයන්ගේ රජ දහනක් කිරීමට උත්සාහ කිරීම නින්දා සහගතයි. මර්වින් සිල්වලා දේශපාලනයෙන් අතුගැවිලා යන යුගයක නැවතත් වනචාරී දේශපාලනයට පණ දෙන්නට ගන්නා උත්සාහය වහා නවතා දැමිය යුතුමය.
මෙන්න දේසපාලන පලිගන්නවෝ කියල කියාවි සජිත්
කාට හරි ගහනකොට එක පාරටම සිහියට ගත යුතු කරුණක් කවුරුත් මතක තබා ගත යුතුයි. තමන් මොන පක්ෂේද කියන එක.
මෙන්න තවත් දේශපාලන පළිගැනීමක්...................
දෙන්නම එජාප නිසා දේශපාලන පළිගැනීමක් කියන්න බැහැ.