IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩ්‍රෝන කැමරාවක් සමඟ අයෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)
            
මන්නාරම, පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය පවසයි.
            
පොලිසිය ලද බුද්ධි තොරතුරකට අනුව මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරු හා ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
            
මෙම ඩ්‍රෝන කැමරාවෙහි බැටරි තුනක් ද සොයාගෙන ඇත.
 
මෙම ඩ්‍රෝන කැමරාව කුමක් අරමුණින් රැගෙන ආවේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය පවසයි.
            
පසුගිය 28 වැනිදා පේසාලේ නාවික හමුදා කඳවුර ඩෝන කැමරාවකින් වීඩියෝගත කර ඇති අතර නාවික හමුදා නිලධාරීන් වෙඩිතැබීමේදී ඩ්‍රෝන කැමරාව අතුරුදහන්ව තිබුණි. මෙම ඩ්‍රෝන කැමරාව පේසාලේ නාවික හමුදා කඳවුර අවට වීඩියෝ කිරීමට යොදාගත්තේද යන්න පිළිබඳව සොයා වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.



අදහස් (0)

ඩ්‍රෝන කැමරාවක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site