බිඟුන් මේනක ගමගේ
2018 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ සම්මානලාභියකු හැටියට ආරාධනා ලැබී ඇතත් තමා සම්මානය ප්‍රතික්ෂේප කරන්නේ යැයි ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ අනාගතය සමඟ ජනාධිපතිවරයා ක්‍රීඩා කරමින් සිටින්නේ යැයි ද ඒ නිසා එවැන්නකුගෙන් සම්මාන ලැබීම මෙන්ම එවැනි සම්මාන උළෙලකට සහභාගී වීම ද පිළිකුල් කටයුතු යැයි ද ජයසිරි මහතා කීය.
ඒ අනුව සම්මාන උළෙල වර්ජනය කිරීමට තමා තීරණය කළේ යැයි ද ජයසිරි මහතා කීය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 34 වැනි වරටත් සංවිධානය කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, නෙළුම් පොකුණ රඟහලේ දී අනිද්දා (15) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.
COMMENTS
කලාකරුවෙකු සතුවිය යුතු අභිමානය නලාකරුවන්ට පෙන්වා දුන් ඔබට අපේ උපහාරය.
නියමයි. මම කැමති කලාකරුවෙක්. රටට ආදරය ඇති කෙනෙක්
ඔබට මගේ ප්‍රණාමය.
එහෙම කෙලින් කතා කිරීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. මම ඔබට ගරු කරමි.
ඔබ නියම කලාකරුවෙක්
මෙයත් එක්තරා දේශපාලන පක්ෂයකට කඩේ යනවා වගෙයි. ....
ඔබ සැබැවින්ම ශ්‍රේෂ්ඨයි................
සියලුම කලාකරුවන් සෑම පක්ෂකටම අයිති සියලුම දේශපාලකයින් සහභාගී වන උත්සව වර්ජනය කළ යුතුයි. ඒ වගේම දෙමාපියන් ගුරුවරුන් අහිංසක දරුවන් දේශපාලකයින් ඉදිරියේ දන ගසා වැන්දවිම නතර කළ යුතුයි.
මෙන්න නියම දේශප්‍රේමී කලාකරුවෙක්. දේශපාලුවන්ට කඩේ යන අය මේවා ආදර්ශයට ගන්න!
ඔබ උතුම් කලාකරුවෙක් මේ රටම ගොඩක් ආදරේ කරන! එනිසා එක එක පක්ෂ වලට කඩේ යන්න එපා, එක ඔබේ නමට කැළලක්.
මෙන්න නියම කොන්දක් ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙක්... මෙවන් කලාකරුවන් තව තවත් බිහිවේවා...!!!
ලංකාවේ ගොඩක් අයට නැති කොන්දක් හා ආත්ම ගෞරවයක් ඇති ඔබ වැන්නවුන් දේශපාලකයිට වැඳුම් කරන කලාකරුවන් ඉදිරියේ වීරයෝ බවනම් කිව යුතුමයි. එයා එන්නේ නැත්තන් මට දෙන්න කියලා ඕකට රිංගන්න නිවටුන් කට්ටිය දැන් පොරකනවා ඇති... නලාකාරයින් මිස කලාකාරයින් බිහි වෙන්නැති උදේ ඉඳන් රෑ වෙනකන් බොරු බේගල් ඇදබාන දේශපාලකයින් ඉන්න කන්න නැතත් ඒ අයටම කඩේ යන නිවට රැලක් ඉන්න රටේ ඔබේ මෙම ක්‍රියාවද විවේචනයට ලක් නොවුනොත් තමයි පුදුමේ..
මෙවෙනි කලා කරුවන් රටට ආඩම්බරයක්.
ඔබ ශ්‍රේෂ්ට පුද්ගලයෙක් . අපේ ප්‍රණාමය !!
සම්මානය එපා කිව්වට කමක් නැහැ. අද අපි කට්ටිය සෙට්වෙනවා. ඒකට එන්න.
මෙයා ඒජාපයට කඩේ යන කෙනෙක්...
වර්තමාන යථාර්තය දකින ශ්‍රේෂ්ට කලාකරුවෙක් .
අද ශ්‍රී ලංකාවේ සිටින ඇති දක්ෂ රංගන ශිල්පියෙක් වන කලා ශුරි ඩබ්ලිවු විජේසිරි මහතාගේ තීරණය කලාකරුවෙක් ලෙසට නුසුදුසුයයි මගේ හැගීමයි. රංගනයේදී කුමන චරිත රගපෑවත් සාමාන්‍ය ජීවිතයේදී නිහතමානී විය යුතුයි. එය කාටත් පොදුයි. ජනාධිපති යනු මෛත්‍රීපාල සිරිසේන නොවෙයි එය ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියාගේ තනතුරේ නාමයයි. ඔහු එම සම්මානය ලබාගන්නේ මෛත්‍රීපාල සිරිසේනගේන් නොවෙයි ලංකාවේ පළමු පුරවැසියාගෙනුයි. සිනමාවේ සල්ලාලයාගේ චරිතයට අපි වෛර කලත් එම චරිතය රගපාන ඩබ්ලිවු විජේසිරිට අපි වෛර නොකරන්නේය. චීවරයක් දරාගෙන සිටින බෞද්ධ භික්ෂුවකට අපි වැද නමස්කාරකර ගෞරවපුර්වකව කතාකරන්නේ ඔහු චීවරයක් දරාසිටින නිසයි. ඔහු උපවාදී වූ විට අපි ඔහුට වැද නමස්කාර කරන්නේ නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති මමද අනුමත නොකරන නමුත් ජනාධිපති තනතුරට ගරුකරමි
කලාකරුවෝ දේශපාලුවන්ගේ අතකොලු නොවේ
කලා ලොවේ සිටින අභිමානවත් චරිතයක්.ඒ වගේම තමයි මම ඉතාමත්ම අගේ කරන කලා ශිල්පියෙක්.
දර්ශන - සත්‍ය පැවසීම හා අසත්‍ය පිටු දැකීම කඩේ යාමක් නෙවෙයි. නමුත් ඔබ නම් කඩේ යන හැඩයි...