IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඩුබායි හිදි අනතුරට පත් ලක් කතට කෝටි පහක වන්දියක්

( තිළිණි ද සිල්වා)

ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී වෑන් රථ අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩිරාම් මිලියනයක වන්දි මුදලක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් පන් කොටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදල්ක් ) ගෙවන්නැයි ඩුබායි අධිකරණය එම රිය අනතුර සිදු කළ ඉන්දීය ජාතිකයෙකුට නියෝග කර ඇත.

මෙම වන්දි මුදල හිමි වූයේ වූයේ ඩුබායි රාජ්‍යයේ ගෘහ‌සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී ආබාධිත වූ තරංගා දිල්රුක්ෂි නැමැති 45 හැවිරිදි ලාංකික කාන්තාවකට යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් නිව්ස් පුවත්සේවය ඊයේ (24) වාර්තා කළේය.

ඉකුත් වසරේ මැයි 24 වැනි දා ඩුබායි රාජ්‍යයේ බර් ඩුබායි පොලීස් ආසන්නයේ හරස් මාර්ගයකදී ඉන්දීය ජාතික රියැදුරෙකු නොසැලකිල්ලෙන් සිදු වූ අනතුරකින් මෙම ලාංකක ගෘහ සේවිකාව පූර්ණ අබාධිත තත්ත්වය පත්ව සිය ජීවිතය රෝද පුටුවක සීමා විය.

අනතුර හේතුවෙන් ඇයගේ තුවාල වලට හා ඉන් ඇයට සිදුවූ හානියට වන්දි ඉල්ලා තමා ඩුබායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවත් , වසරක කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව තමන්ට මෙම වන්දි මුදල ගෙවන ලෙසට එරට අධිකරණය අදාළ රියදුරුට නියම කළ බවද ගල්ෆ් නිව්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

එම රියට අනතුර ගැන සිහිපත් කරමින් දිල්රුක්ෂි මහත්මිය ගල්ෆ් නිව්ස් පුවත් සේවය වෙත පැවසුවේ පසුගිය වසරේ මැයි 24 දා බර් ඩුබායි පොලිස් ස්ථානය අසල සීබ්රා හරස් මාර්ගයකදී මෙම අනතුර සිදු වූ බවය.

“තමා එම අවස්ථාවේ පාර හරහා කරමින් සිටියදී ඉන්දියානු ජාතිකයෙකු පැදවූ වෑන් රථයක් තමාව යටකර ගන ගිය බවත් , පසුව ඩුබායි රථවාහන අධිකරණය රියැදුරාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර ඔහුට ඩිරාම් 5000 ක දඩයක් නියම කළේය.

නමුත් තමාව සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කළ රියැදුරෙන් වන්දි ඉල්ලා ඩුබායි අධිකරණය හමුවේ සිවිල් නඩුවක් පැවරීමට ඩුබායි හි වයි.ඒ.බී නීති සමූහයේ නීති නියෝජිත සලාම් පපිනිස්සේරි මහතා ස්වේඡාවෙන් දායක වූ බවද ඇය කියා සිටින්නීය.

ඩුබායි උසාවිය මෙම නඩුව පිළිගත් අතර වින්දිතයාගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද ලිපි ලේඛන තහවුරු කර ගත් අතර අවසානයේ දිල්රුක්ෂිගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සහ තුවාල තක්සේරු කිරීම මත පදනම්ව අධිකරණය විසින් වන්දි වශයෙන් ඩිරාම් මිලියනයක් ප්‍රදානය කරන්නැයි විත්තිකාර ඉන්දීය ජාතික රියැදුරුට නියම කරනු ලැබීය.

1995 වර්ෂය සඳහා වූ ඩුබායි රථවාහන හා හදිසි නීතිය පිළිබඳ 26 වන වගන්තිය අනුව ලාංකික ගෘහසේවිකාවට වන්දි ගෙවිය යුතු බවත්, නීතිඥ ගාස්තු රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු බවද ඩුබායි අධිකරණය සදහන් කර ඇත.

ලංකාවේ අඩු ආයදායම්ලාභි පවුලක තැනැත්තියක වන තරංගා දිල්රැක්ෂි මහත්මිය පූර්ණ ආබාධිත තත්ත්වය පත් වීමෙන් පසු මව්රටට පැමිණ සිටින්නීය.ඇයට සිය සැමියා සහ වයස අවුරුදු 15 සහ 14 යන පාසල් යන දරුවන් දෙදෙනෙකු සමග අසීරුවෙන් ජීවිතය ගත කර්නීය. ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඖෂධ අවශ්‍ය වන බවත් , ඇයට හැම විටම තවත් කෙනෙකුගේ ආධාරයක් නැතිව කිසිවක් කළ නොහැකි බව .ඇයගේ ඩුබායි නීතීඥවරයා ගල්ෆ් නිව්ස් වෙත පවසා ඇත.



අදහස් (5)

ඩුබායි හිදි අනතුරට පත් ලක් කතට කෝටි පහක වන්දියක්

කිරි පුතා Tuesday, 24 August 2021 01:23 AM

වාහන රක්ෂණයෙන් ගෙවනවා නම් ලැබෙයි. නැත්නම් ඔය ඉන්දියන් ජාතිකයා කොහොමද එච්චර මුදලක් ගෙවන්නෙ. නිකම් තේරුමක් නැති තීන්දුවක් වේවි.

:       4       2

nisra Tuesday, 24 August 2021 07:30 AM

හෙදියන් ලෙස කාන්තාවන්ට රට යාමට අවශ්‍ය පුහුණුව දීමට ආයතනයක් පටන් ගත යුතුය. පිරිමි අයට german tec වැනි ඉහලම මට්ටමේ පුහුනුව ලැබීය හැකි ආයතන පලාත් මට්ටමෙන් පටන් ගන්න

:       1       15

bas Tuesday, 24 August 2021 07:31 AM

හෙදියන් ලෙස කාන්තාවන්ට රට යාමට අව්ශය පුහුනුව දීමට ආයතනයක් පටන් ගත යුතුය. පිරිමි අයට german tec වැනි ඉහලම මට්ටමේ පුහුනුව ලැබීය හැකි ආයතන පලාත් මට්ටමෙන් පටන් ගන්න

:       1       3

janahitha UAE Tuesday, 24 August 2021 12:21 PM

මල්ලේ පොල්.

:       0       0

janahitha UAE Tuesday, 24 August 2021 12:23 PM

මංගල සමරවීර මහතා අභවප්‍රාත්ත වී ඇත නිවන් සුව පතමු.!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site