(රංජන් කස්තුරි)
ඩෙංගු උණ රෝගය සම්බන්ධයෙන්, ජපානය අත්හදාබලමින් තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථක වී ඇතැයි එම විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන ජපානයේ ටකේඩා සමාගම සඳහන් කරයි.
ඩෙංගු උණ රෝගය වෙනුවෙන් අත්හදා බැලෙමින් තිබෙන ටෙට්‍රවාලන්ට් ප්‍රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාවේ මූලික පියවර සාර්ථක යැයි නව එංගලන්ත වෛද්‍ය සභාවේ සඟරාවෙහි සඳහන් කර ඇත.
වයස අවුරුදු 4 සිට 16 දක්වා ළමුන් යොදාගනිමින් මෙම විද්‍යාත්මක පරීක්ෂණය සිදුකරන බවද, එහිදී මීට පෙර ඩෙංගු වැළඳී තිබීම හෝ නොතිබීම පිළිබඳ සලකා බලා නැතැයිද එම සඟරාවේ සඳහන් කර තිබේ.
COMMENTS
අනේ හොඳයි...
අනේ කොච්චර දෙයක්ද..? ඔබලාගේ පරීක්ෂණ අති සාර්ථක වේවා..!!! එම එන්නත ඉක්මණින්ම වෙළඳපොලට ලබාදීමට හැකිවේවා...!!!
අද අහන්න ලැබුණු සතුටුදායකම පුවත...!!! පරීක්ෂණ කණ්ඩායමේ පරීක්ෂණ තවදුරටත් සාර්ථකම වේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!
ලෝකේ හොඳම අධ්‍යාපනේ තියෙන්නේ ලංකාවේ කියනවා නේද? ඉතින් අැයි ලංකාවේ චැනල් දොස්තරලාට මේක කරන්න බැරිවුනේ? ඩෙංගු මදුරුවෝ හොයාගන්න බැරි වෙන්න ඇති බෙහෙතකටවත්...
කරන ලොකුම පින මේක ඉක්මණටම ප්‍රයෝජනයට ගන්න එක... තව අහිංසක ජීවිත ගොඩක් බේරගන්න පුළුවන්... ඔබ සැමට පින්සිද්ද වේවා...!!!
කමල් මහත්මයා සමහරු හිතාගෙන ඉන්නේ ලෝකේ හොඳම අධ්‍යාපනය විතරක් නොවේ ලෝකේ හොඳම ඉංග්‍රීසි භාෂාවත් තිබෙන්නේ මෙහෙ කියලා. නමුත් මම දන්නවා මොකෙන් නැති වුණත් විශ්වවිද්‍යාල තුළ තිබෙන නවකවද වලින් අපේ එක ලෝකේ අංක 1ට තේරෙන බව.