
(කවිතා සුබසිංහ)
නඩත්තු නඩුවකට අදාළව තම බාල වයස්කාර දරුවන් දෙදෙනා හට අධිකරණය විසින් ගෙවීමට නියම කළ නඩත්තු මුදල් වසර පහක පමණ කාලයක සිට පැහැර හැර ඇති බව කියන ගයාන් ප්‍රසාද් වික්‍රමතිලක නැවත වරක් සිතාසි නිකුත් කිරීමට මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (22) නියම කළේය.
වයස අවුරුදු 10 සහ 11 යන වයස් කාණ්ඩවල පසු වන දරුවන් දෙදෙනාගෙන් එක් අයකුට රුපියල් 15000 බැගින් වු රුපියල් 30000 ක් ගෙවීමට 2013 දී අධිකරණය විසන් නියම කර තිබුණ ද මෙම තැනැත්තා පසුගිය 2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම වන්දි මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි අධිකරණයේ සදහන් වී තිබිණි.
ඉකුත් 5 වැනි දා නඩුව කැදවු අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වගඋත්තරකාර තැනැත්තා හට සිතාසි නිකුත් කර තිබුණ ද නඩුව නැවත කැදවු අවස්ථාවේදී මොහු අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
ඉල්ලුම්කාරිය වෙනුවෙන් සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටියේය.
නඩුව මාර්තු මස 22 වැනි දා නැවතත් කැදවීමට නියමිතය.
COMMENTS
රට හදන්න, සමාජය හදන්න කතාව... නමුත් ඇතුළාන්තය දැක්කාම අප්‍රසන්නයි..
එයාට ඕවා ගෙවන්න වෙලාවක් නෑ. සර් එක්ක රට බේරගන්න ඉන්න වීරෝදාර දේශප්‍රේමී නළුවෙක් ඉන්නේ....
මෙයා දැන් ලංකාවෙද ඉන්නේ? නැතිනම් ඉතින් අර්ජුන් මහේන්ද්‍රන් වගේ තමයි.
මෙයාලගේ ජීවිතත් හරියට රඟපෑමක් වගේ... කිසිම අර්ථයක් නෑ ඉතින්.
පොහොට්ටුවේ රජවරු...
මෙයා පොහොට්ටුවේ ලොකු පොරක්... මෙයාට මුකුත් වෙන්නේ නැහැ.
මේ මිනිස්සු ගැන කතා කිරීමත් කාලය කා දැමීමකි.
එතකොට සැබෑ කලාකරුවන්ටත් අපහාසයක් නේ...
මේ වගේ මිනිස්සුන්ට තලන්න ඕනා මඩු වලිගෙන්. කතාව නම් ලෝකේ පෙරලන්න, ඒ වුණාට තමන්ගේ දරුවන්ටවත් සලකන්නේ නැහැ. අනේ මන්දා...!!!
ඕක ගෙවලා දාන්න... ඔයාගේම දරුවෝනේ.. ඔයා කොහොමද සතුටින් ඉන්නේ? රට හදන්න කළින් තමන් හැදිලා ඉන්න.
රට ගැන කතා කරන්න කළින් තමන්ගේ දරු දෙන්නා ගැන බැලුවොත් හොඳයි නේද? ඔය දේශප්‍රේමී කියාගන්න ඔක්කොම ඔහොම තමයි. මේ අය නිසා අපි මිනිස්සු එක්ක මරාගන්නවා.
පිය සෙනෙහසක් නැති ඒ දරුවාට ජීවත් වෙන්න නියම කරපු වන්දි මුදලවත් දෙන්න.
පොර ටෝක් දිදී රැඟුවට වැඩක් නැහැ. අඩුගානේ ඔය මුදලවත් ගෙවන්න. පිටරටක නම් මෙලහටත් හිරේ...