IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ටිල්වින්ට - සුනිල්ට 6 උසාවි එන්නැයි නොතීසි

(නිමන්ති රණසිංහ)
          
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට අදළ නඩු දෙකෙහි සාක්කි දීමට ජනතා විමුක්ති පෙරමුණ ට්‍රිල්වින් සිල්වා සහ සුනිල් හදුන්නෙත්ති යන අයට ලබන 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (14) සිතාසි නිකුත් කළාය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත‍්‍රයක් සකස් කළැයි ශෂී වීරවංස මහත්මියට චෝදනා එල්ල වී තිබේ.

අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

එසේම, අතිරේක සොලිසටර් ජනරාල්වරයා අද (14) මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ නඩුවේ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කරමිනි. 
 
 



අදහස් (0)

ටිල්වින්ට - සුනිල්ට 6 උසාවි එන්නැයි නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site