(රොමේෂ් මධුෂංඛ)

යාපනය කොඩිකාමම් , ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ පරීක්ෂණ දුම්රියක ගැටීමෙන්  ගව රංචුවක ගවයින් 10 ක් පමණ  මියගොස්  ඇත.

යාපනය දෙසට ධාවනය වු  මෙම පරීක්ෂණ දුම්රිය , ධාවනය වන අවස්ථාවේදී ගව රංචුවක් දුම්රිය ගමන් මාර්ගයේ සිටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි කියති.

දුම්රියේ ගැටුණු  ගවයින් 10 ක් පමණ මිය ගොස් 05 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර අනතුරින් පසුව ගවයින්ගේ හිමිකරුවන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ මිය ගිය සහ තුවාල ලැබූ ගවයින් රැගෙනයාමට කටයුතු  කළේය.

ගෙවුණු කාලසීමාවේදී උතුරු දුම්රිය මාර්ගයේදී ගවයින් විශාල ප්‍රමාණයක් දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවටද ප්‍රදේශවාසීහු කියති.