මොස්කව්හිදීය (රොයිටර්)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජී 20 සමුළුවට සමගාමීව සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි වාර්තා වේ.
ජී 20 රටවල සමුළුව ආර්ජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස්හිදී හෙට (30) ආරම්භ වීමට නියමිතය.
රුසියානු හා ඇමෙරිකා එක්සත් ජනාධිපතිවරුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ අනිද්දා (01) යැයි පැවසේ.
ඔවුන් දෙදෙනා මුණ ගැසුණු පසු උපායමාර්ගික ස්ථාවරත්වය, සිරියාව, ඉරානය සහ උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි ක්‍රෙම්ලීනයට සම්බන්ධ අයෙක් පැවැසීය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශපාලනය බල්ලට ගියාදෙන් මේ දෙදෙනාගේ හමුව ලෝකෙට වැදගත්...