IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මත වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය.

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවට පක්ෂව 232ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 197ක් ලැබිණි.

ඊට අමතරව ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් 10දෙනකුද ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර විශේෂත්වයක් ලෙස දක්නට ලැබිණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයකු එරෙහිව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝග යෝජනාවක් අවස්ථා දෙකකදී සම්මත වූ ඇමෙරිකානු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාව ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය. මේ අනුව සෙනට් මණ්ඩලයේදී දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් සහ ඡන්ද විමසීමක් පැවැත්වේ. කෙසේ නමුත් සෙනට් මණ්ඩලයේ ක්‍රියාවලිය තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව සිදුවනු ඇතැයි වාර්තා වේ. ට්‍රම්ප් ධුරයෙන් නික්මුණු පසු වුවත් සෙනට් මණ්ඩලයේ දෝෂාභියෝග චෝදනා විභාගය සිදුවනු ඇති අතර එහිදි එය සම්මත වුවහොත් ඔහුට නැවත වරක් ජනාධිපති ධුරයක් සඳහා තරඟ කිරීමට නොහැකි වනු ඇත.

ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන පිරිස් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමට හේතු වූයේ ට්‍රම්ප් ඊට ටික වේලාවකට පෙර කළ කතාව යැයි චෝදනා එල්ල විය.

ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන පිරිස් ඉකුත් (6) වැනිදා කොංග්‍රස් රැස්වීම පැවැත්වෙමින් තිබියදී කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ.

කලහකාරී පිරිස් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමට පෙර ට්‍රම්ප් ඔවුන් ඇමතූ අතර ඒ දෙසට පාගමනේ යමු යැයි ට්‍රම්ප් එම පිරිස් උසිගැන්වීය. එම කතාව ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනාවට මුල් වූ අතර ‘‘කැරැලි ගැසීමට පෙළඹවීම’’ ට්‍රම්ප්ට එල්ල වූ චෝදනාවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය මණ්ඩල දෙකකින් සමන්විත අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලය සෙනට් මණ්ඩලය වන අතර පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් වේ. මේ වනවිට සෙනට් මණ්ඩලයේ බලය ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය.

තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සෙනට් මණ්ඩලයේ තත්ත්වය වෙනස් වේ. ඉකුත් වසරේ පැවැති ජනාධිපතිවරණයට සමගාමීව මෙම මණ්ඩල දෙකට සාමාජිකයන් තෝරා පත් කරගැනීම ද සිදුකෙරුණි. එහිදි සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව පක්ෂ දෙක අතර සමසේ බෙදී ගියේය.

සෙනට් මණ්ඩලයේ දී දෝෂාභියෝගය සම්මත වීමට නම් තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එම ඡන්ද ගණන 67කි. සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව සියයකි. එහි තීරණාත්මක ඡන්දය හිමි සෙනට් මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ, එරට මීළඟ උප ජනාධිපතිවරයා ද වන කමලා හැරිස් ය.

දැනට ඇති තත්ත්වය මත සෙනට් මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීමේදී දෝෂාභියෝගය සම්මත වීමට නම් රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් 17 දෙනකු ඊට පක්ෂව ඡන්ද දිය යුතු ය.

මීට පෙර ඇමෙරිකාවේ කිසිදු ජනාධිපතිවරයකු දෝෂාභියෝග ඡන්ද විමසීමකින් බලයෙන් පහ කර නැත. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව 2019 වසරේදීත් බිල් ක්ලින්ටන්ට එරෙහිව 1998 වසරේදීත් ඇන්ඩෘ ජොන්සන්ට එරෙහිව 1868 වසරේදීත් දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් විය. ඒ තුනම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ නමුත් එම දෝෂාභියෝග යෝජනා තුනම සෙනට් මණ්ඩලයේ දී පරාජයට පත්විය. ඒ අනුව එම අවස්ථා තුනේදීම එකී ජනාධිපතිවරුන් තිදෙනා දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණි.

(රොයිටර්)

055


 



අදහස් (2)

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මත වෙයි

wijayamuni Thursday, 14 January 2021 10:59 AM

ඡන්දය පැරදුණාම, තමන්ගේ පරාජය බාරගන්න අකැමැති අය තව හුඟ දෙනෙක් ඉන්නවා. මේක මානසික අසනීපයක් ...

:       1       8

RaveendraThursday, 14 January 2021 11:45 AM

කොම්පියුටර් ජිල්මාර්ට් කතාව මතකයට නැගුණා..

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ සේවිකාවක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 372 0

මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය


දැන්වීම් බලා ෆෝන් හොරකමේ ගිය අයෙක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 298 0

ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන විකිණීමට අන්තර්ජාලය දැන්වීම් කළ කරන පුද්ගලයින් රවටා එම භාණ්ඩ මංකොල්ලකන ජාවාරම්කරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක


ඇල්ලේ ගිනි ගැනීම් හතරක්
2024 සැප්තැම්බර් මස 13 168 0

ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ අද (13) පස්වරුවේ ගිනිගැනීම් හතරක් ආරම්භ වී සීග්‍රයෙන් පැතිර යමින් පවතින


කවුරු ජනපති වුනත් ලංකාවට සහය දෙන්න IMF සූදානම්
2024 සැප්තැම්බර් මස 13 608 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය සිදුකරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව සමග සාක


මගුල් ගෙදර ගිහින් එද්දි නොඑන ගමන් යයි
2024 සැප්තැම්බර් මස 13 903 0

විවාහ මංගල උත්සවයකට සහභාගිව නිවස කරා යමින් සිටී එකම පවුලේ තිදෙනෙකු ගමන්ගත් වෑන් රථයක් ගල්පාත ඇල මාර්ගයකට ඇදවැටී පියා මියගොස් මව තුවාල ලබා ඇති බව කළුතර


සංජීව මහානාමට ඇප
2024 සැප්තැම්බර් මස 13 669 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිම


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 32 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2069 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 949 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site